
අලුත් අවුරුද්දේ එක දිගට නෑදෑ ගෙවල්වල, එහෙ මෙහෙ ගිය නිසා blog එකේ මොකුත් ලියන්න වුණෙත් නැහැ. ඉතින් මේ ලඟදී මම කියෝපු පොතක තිබ්බ කතාවක් ගැන තමා අද blog එකට ලියන්න හිතුවේ.
පොතේ නම "සඟ රස බස්" කතෘ පොරවගම ඥාණසිරි හාමුදුරුවෝ. මේ පොතේ තියෙන්නේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධ, දක්ෂ හාමුදුරුවරුන්ගේ ගැන විවිධ රස කතා. මේ පොත කියෝපු අයත් ඇති. කියවපු අයට මතක් වෙන්නත් නොකියවපු අයගේ මතකේ තියා ගන්නත් තමා මේ කතාව කියන්නේ.
කතාව බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ ගැන. බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ කියන්නේ මාතර මහා මන්තින්ද පිරිවෙණ ආරම්භ කරපු ඒ වගේම නිකායාන්තර වාදවලදී ජය පිට ජය ලබා ගත්තු හාමුදුරු කෙනෙක්.
ඉතින් මේ මාතර මතින්ද පිරිවෙණ ආසන්නයේ තිබ්බා පන්සලක් පීක්වැල්ලේ පන්සල කියලා. කුල 3 ක කට්ටිය තමා මේ පන්සලේ චෛත්‍යයේ වැඩ කටයුතු කරන්න ආධාර උපකාර කළේ.
මෙහෙම හදපු චෛත්‍යයේ කොත පැළැඳවීම කුල 2 ක කට්ටිය විතරක් කළා අනිත් කුලේ අයට නොදන්වා. මේකට ආරවුලක් ඇතිවෙලා ඒ පිරිස කලේ තමන්ට නොකියා කොත තිබ්බ නිසා පස්සේ දවසේම කොත බාපු එක.
අන්තිමට මේ කොත බෑම නිසා උසාවියේ නඩුවකුත් ඉදිරිපත් වුණා. කොත බෑම නිවැරදියි කියන කට්ටියට බැදිගම හාමුදුරුවොත් අයිති වුණා. බැදිගම හාමුදුරුවෝ උසාවියේ සාක්ෂි දෙද්දී විත්තියේ නීතීඥයා බැදිගම හාමුදුරුවන්ගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවා. මේ තියෙන්නේ ඒ සංවාදය.
නීතීඥයා : පළඳවන ලද කොතක් බෑම නිවැරදියි කියලා ඔබ වහන්සේ කියන්නේ කොහොමද ?
බැදිගම හාමුදුරුවෝ : කොත් පැළැඳවීමට, පිළිමවලට නෙත් තැබීමට වගේ කරන චිරාගත සිරිත් විරිත් තියෙනවා. ඒ එකක්වත් මෙතැනදී වෙලා නැහැ. ධර්මාශෝක රජ්ජුරුවෝ 84,000 ක් වෙහෙර විහාර කරලා ඒවායේ කොත් පැළැඳුවේ නේත්‍රා තිබ්බේ චාරිත්‍රානුකූලව. ඒ වගේ කරුණු නිසා මේ කොත් පැළැඳවීම වැරදියි.
නීතීඥයා : හොඳයි නායක හාමුදුරුවන්ට කියන්න පුළුවන්ද පළඳවපු කොතක් බාපු පන්සලක් ගැන?
බැදිගම හාමුදුරුවෝ : මාතර පීක්වැල්ලේ පන්සල
නීතීඥයා : ඒක නෙමෙයි හාමුදුරුවෝ. අදාල සිද්ධිය වුණේ ඒ පන්සලේනේ. වෙන තැනක් ගැන මම අහන්නේ.
බැදිගම හාමුදුරුවෝ : කොත් තියන තැන්, කොත් බාන තැන් හොය හොය ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයි මම. මට ඕව හොයන්න වෙලාවක් නැහැ. ඒ වගේම උවමනාවකුත් නැහැ. මේක ගැන මම හෙව්වේ වැඩේ වැරදි නිසා.
නීතීඥයා : හොඳයි, මේ දෙගොල්ලෝ ගහ බැණ ගත්තේ කොපමණ දුරක සිට ගෙනද ?
බැදිගම හාමුදුරුවෝ : රියනකුත් වියතක දුරක ඉදන්
නීතීඥයා : හාමුදුරුවන්ට මොකද ඒක හරියටම මනින්න හිතුණේ ?
බැදිගම හාමුදුරුවෝ : මං හිතුවා කවද හරි දවසක මේ වගේ මෝඩයෙක් ඕක මගෙන් අහයි කියලා එතකොට උත්තර දෙන්න තමා මැන්නේ.
කොහොමද හාමුදුරුවන්ගේ උත්තර ටික. නඩුවට අන්තිමට මොකද වුණේ කියලා පොතේ තිබ්බේ නැහැ. පොතේ කතාව මෙතැනින් ඉවර වෙලා තිබ්බේ. මම හිතන විදිහට කොත බෑම නිවැරදියි කියලා බැදිගම නායක හාමුදුරුවෝ හිටපු පැත්ත මේ නඩුවෙන් දිනන්න ඇති.
එළ මචං නියමයි..
ReplyDeletekatawa nam niyamayi.Ape hamuduruwanta gihi neetiya prasna ahala patalawanna yanawata ohoma wenna one. ape rate janapathi witharak neethiyata udin inne qiwwata hamuduru waru kawadat gihi neethiyata udin thamai hitiye.
ReplyDeleteමරු හාමුදුරුවෝ :)
ReplyDeleteබ්ලොග් එකට emoticon දාන්නේ කොහොමද ??
ReplyDeleteO_o
@ Outsider
ReplyDeleteතැන්කු වේවා මචෝ comment එකට
@ leks' world
ඉස්සර හාමුදුරුවෝ නීතියට උඩින් හිටියට අද වෙද්දී මම හිතන විදිහට ජනාධිපතිතුමා විතරයි ලංකාවේ නීතියට උඩින් ඉන්නේ. මට මතක විදිහට අර ශබ්ද විකාශන යන්ත්‍ර නීතිය නිසා හාමුදුරු කෙනෙක් හිරගත කරලා තිබ්බා නේද ගිය අවුරුද්දේ ?
@ ඉශාන්
එහෙම තමා ලංකාවේ හාමුදුරුවරු :) :) :) emotion දාන එක මමත් දැනගත්තේ අපේ සහෝදරයෙක් එයාගේ blog එකේ දාලා තිබ්බ post එකකින්. ඒත් මට දැන් ඒක මතක නැහැ. මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්....
නියම හාමුදුරුවහන්සේ නමක්
ReplyDelete@නෙලාන් දයාරත්න
ReplyDeleteලංකාවේ හාමුදුරුවරු එහෙම තමා :)
මම ඔය පොත කියවලා තියනවා උපරිමයි
ReplyDelete@දේදුනු ධනංජය
ReplyDeleteමෙන්න තවත් වටිනා කියන කෙනෙක්. ස්තුතියි මල්ලී ප්‍රතිචාරයට
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය