
සිංහල හා හින්දු අළුත් අවුරුද්දට කලින් ඒකට සම්බන්ධ වෙන කතාවක් කියන්න හිතුණා. ලොකු කතාවක් නොවුණත් හැමෝටම දැනගන්න කිව්වොත් හොඳයි කියලා හිතුණ නිසයි කතාව කියන්නේ.
මුහුණු පොත හෙවත් facebook එකේ මගේ ඔක්කොම යාළුවෝ 1221 ක් ඉන්නවා. ඉතින් මට ඊයේ හිතුණා මේ හැමෝටම අළුත් අවුරුද්දට සුභ පතන්න. ඒ යටතේ හැමෝටම එක පාර wish කරලා message එකක් යවන්න හැදුවත් 20 දෙනෙක්ට වඩා වැඩි ගණනකට එකපාර message කරන්න බැහැ කියලා notice එකක් ආවා. ඊට පස්සේ මම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ගැන දැන් මතක් වෙද්දිත් මට හිතෙනවා කළේ ගොන් වැඩක්ද මන්දා කියලා :) :) :)
මම කළේ මගේ හැම යාළුවෙක්ගේම profile එකට ගිහින් wall එකේ මගේ අළුත් අවුරුදු සුභ පැතුම ලියපු එක. මේ වැඩේ ටික වෙලාවක් කරගෙන යද්දී මට මාර විදිහට එපා වුණත් නවත්තන්න හිතුවේ නැත්තේ යාළුවෝ කට්ටියකට විතරක් wish කරලා අනිත් කට්ටියට wish නොකර ඉන්න එක හරි නැහැ කියලා හිතුණ නිසා.
ඒ වගේම එපා වුණු හැම වෙලාවකම මම හිතුවේ friend request sent කරලා හරි friend request accept කරලා හරි යාළුවෝ ගාණ වැඩි කරගත්ත නම් අළුත් අවුරුද්දටවත් එයාලට wish කරන එකවත් මම කරන්නේ නැත්නම් ඒ friendship එකෙන් තියෙන වැඩේ මොකක්ද කියලා.
ඒ වගේම මට ඒ හැම තිස්සේම හිතුණේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන සිංහල කියමන.
අන්තිමට වැඩේ ඉවර වෙද්දී පාන්දර එකට ආසන්නයි. මගේ මුස්ලිම් හා විදේශීය මිතුරන් ඇර ඔක්කොම යාළුවෝ 1100 [ආසන්න වශයෙන්] කගේ wall වල මගේ අවුරුදු සුභ පැතුම ලිව්වා. අන්තිමට ඇස්වලින් නිදිමත බේරෙනවා. ඒත් සතුටුයි. මගේ යාළුවන්ට ඒ විදිහට හරි අළුත් අවුරුද්දට සුභ පතන්න හැකිවුණු එක ගැන.

අනිත් කාරණේ තමා මම ඉස්සර කලේ අළුත් අවුරුද්දට යාළුවන්ට wish කරලා messages phone එකෙන් යවන එක. පස්සේ මම උපහාර sim එකක් [මගේ නෙමෙයි, මගේ අම්මාට හම්බුණු එක] පාවිච්චි කරන්න ගත්තු නිසා මොබිටෙල් හා ස්ථාවර දුරකතන තියෙන අයට call කරලා wish කරන්නත් අනිත් අයට messages යවන්නත් පුරුදු වුණා. ඔය වැඩේ අවුරුදු 2 ක් විතර කරලා ලොකු ලොකු ගණන්වල phone බිල් ඇවිත් මට්ටු වෙලා ඉන්න නිසයි මෙහෙම කරන්න හිතුවේ.
කොහොමින් කොහොම හරි ඔයාල කවුරු හරි මගේ facebook යාළුවෙක් නම් මේ වනවිට මගේ අවුරුදු සුභ පැතුම ඔයාලට ලැබෙන්න ඇති. ඒ නැත්නම් ඔයාල කවුරු හරි මොබිටෙල් හරි ස්ථාවර දුරකතනයක් තියෙන මගේ යාළුවෙක් නම් ඔයාලට අද call එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. අනිත් දුරකතන සේවාවන් භාවිතා කරන මගේ යාළුවන්ට internet එකෙන් එවන sms එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. මේ කිසිම කාණ්ඩයකට අයත් නොවන අයත් ඇතිනේ. එයාලට ඉතින් blog එකෙන් සුභ පතන්න තමා හිතුවේ
උදාවන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!!!
පුදුමයි FB එකෙන් උඹව Block කලේ නැතුවා. ඕනවට වඩා Wall Post දැම්මම සාමාන්‍යයෙන් නම් Account එක Disable කරනවා
ReplyDeleteඅයියෝ යාලුවෝ ඇඩ කරගන්නකොටම එයාලගේ ඉ-මේල් ඇඩ් වෙනම තැනක ලියාගන්න. අනික F.b එකේ මම විශෙෂිත යාලුවන්ට විතරයි සුභ පතන්නේ අනිත් ඇවුන් හිටියත් නැ වගේනේ
ReplyDeleteපොන්න සිතුවලි එකේ තියෙනවා දැකලා අවේ
ම ට
ReplyDeleteස්තුතියි ඒක ගැන දැනුවත් කලාට. අළුත් අවුරුද්දට FB එකෙන් මට තෑග්ගක් විදිහට account එක disable කරයිද ? එහෙම කලොත් තමා ඉතින් වැඩේ
නිදහසේ බ්ලොග් ලිවිම ට
ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා............. මොනවා වුනත් හැම කෙනාම යාළුවෝ කියලා සලකලා තමයි මම එහෙම කලේ.
මේ අන්තිමට තියෙන් වාක්‍යයේ මුල්ම වචනේ අත්වැරදීමක් ද ?
"පොන්න සිතුවලි එකේ තියෙනවා දැකලා අවේ"
සුබ අලුත් අවුරුද්දක් මචන්... හැබයි කරපු වැඩේ නම් පොඩ්ඩක් විතර පිස්සු වැඩක් හික් හික්...
ReplyDeleteඔන්න මමත් මූනු පොතෙන් එව්ව ආරදනයක්...
පිස්සා පලාමල්ල ට
ReplyDeleteඅමූලික ඇත්ත.
දැන් ඒක මතක් වෙද්දිත් හිතෙනවා කාලෙකට පස්සේ කරපු හෙණම පිස්සු වැඩේ මේක තමා කියලා.
ඕන් මම friend request එක accept කරලා මගේ අළුත් අවුරුදු සුභ පැතුම wall එකෙත් ලිව්වා :) :) :)
හි හි... ඒකත් නියම සිද්ධිය. මටත් පණිවිඩය හම්බුනා..
ReplyDeleteමමත් ඊයේ රෑ මගේ සුභපැතුම් පණිවිඩය මන් අතින්ම නිර්මාණය කරන්න හිතුවා. ඒ නිසා ඕන් හා හා පුරා කියලා මගේ පළවෙනි ආර්ට් වර්ක් එක් කොරල්ඩ්‍රෝ වලින් කළා..ඒක ඉවර වෙද්දි පාන්දර 3යි. හි හි..හැබැයි මාර සතුටුයි. ඒ පින්තූරය 3න් පාරක් අප්ලෝඩ් කරල යන්තම් 150ක් විතර යාථවො ටැග් කරා.. අන්තිමට යද්දි ටැග් කිරිල්ලත් එපා වෙලා පැටලිලා එක විකාරයයි... කොහොම හරි සුභ පැතුවනේ....
ඔබට සුභ නව වසරට ආසිරි....
Prabhath Darshana ට
ReplyDeleteඒක තමා මාත් බැළුවේ. උඹ මාව 2 පාරක් tag කරලා තිබ්බා එකම වගේ පින්තූර දෙකකට.
කෙසේ වෙතත් නව වසර සුභ නව වසරක් වේවා.... 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!
සුබ අළුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeletesameerausa ට සහ Anonymous [නම ලිව්වා නම් කිසි කරදරයක් නැහැනේ] යන දෙන්නටම
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා
120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!
එසේම වේවා.ඕන්න ආවඩා ආයුබෝ වේවා.!!!අලුත් අවුරුද්දේ සියලු බලාපොරොත්තු සඵල වේවා!!!
ReplyDeleteleks' world සහෝ ස්තුතියි ප්‍රතිචාරයට.
ReplyDelete120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!
සියලු පෑතුම් ඉටුවන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට
ReplyDeleteNUWAN"s lane ට
ReplyDeleteඔබටත් එසේම වේවා..............
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ඔන්න ඉතින් අවුරුදු 30ට විතර පස්සේ මුලු රටම එක ධජයක් යටතේ ඉදගෙන අලුත්
ReplyDeleteඅවුරුද්දක් සැමරනවා. මේ අවුරුද්දේ නම් කාගෙත් හිතේ ගින්දරක් නැතිව ලිපේ ගින්දර මොලවන්න ඇති... ඉතින් ඔය අලුත් අවුරුද්දේ නිදහසේ පලමු කිරිබත් කැල්ල කනකොට අමතක නොකර මතක තියාගන්න .. අද ඔය නිදහස ලබාදෙන්න උරදිපු ප්රදාන නියමු...වෙක් මේ වෙලාවේ කන්නේ හිරබත් කියලා. කොයි තරන්නම් අභාග්යක්ද? මේ රට වෙනුවෙන් සටන් වැදුනු එඩිතර විරුවන්ට එදත් උනේ මේ දේමයි.. අදත් වෙන්නේ මේ දේමයි... එසේනම් හෙට ගැන කුමන කතාද?
@ s_maduranga
ReplyDeleteඑසේම වේවා. රටේ බොහෝ දෙනෙක්ගේ පැතුම ඒ නියමුවා ඉක්මණින් නිදහස් වේවා කියන එකයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සත්‍ය කවදා හෝ ජයගන්නව කියන එක තමයි.
සුභ අළුත් අවුරුද්දක් වේවා :)
ReplyDeleteඔබටත් එසේම වේවා ඉෂාන්
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය