පාප්වරු තුන් දෙනෙක්
මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්.
ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල වශයෙන්ම පත් කෙරුණු පාප්වරු තුන් දෙනෙක් එකම කාලෙක හිටියා කියන කතාව නම් ඇත්ත. වැඩි කතා ඕනේ නැහැ අපි කතාවට බහිමුකෝ.
ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල වශයෙන්ම පත් කෙරුණු පාප්වරු තුන් දෙනෙක් එකම කාලෙක හිටියා කියන කතාව නම් ඇත්ත. වැඩි කතා ඕනේ නැහැ අපි කතාවට බහිමුකෝ.
VIII වෙනි බොනිෆස් පාප්තුමා
කතාව පටන් ගන්නේ 1294 දී පාප් ධූරයට පත්වුණු VIII වෙනි බොනිෆස් පාප්තුමාගෙන්. මේ වෙද්දී ක්‍රමයෙන් කතෝලික පල්ලියට දේශපාලනික වගේම ආගමික අතිනුත් විවිධාකාරයේ ගැටලු මතුවෙමින් තිබුණු කාලයක්. මේක නිසා පල්ලියේ බලය තහවුරු කරගන්න ලෞකික අධිකාරයට වඩා ආගමික අධිකාරය උතුම් කියපු බොනිෆස් පාප්තුමා ඒක සනාථ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා.
ඒ යටතේ 1298 දී පාප්තුමාගේ අවසරයක් නැතුව පූජකවරුන්ගෙන් බදු අය කරන්න රජවරුන්ට අවසරයක් නැහැ කියලා නියෝගයක් නිකුත් කරන්න එතුමා කටයුතු කරනවා. ඒත් ඒ වෙද්දී ජාතික රාජ්‍ය වශයෙන් නැගී ගෙන ආපු ප්‍රංශය වගේම එංගලන්තය නම් ඒකට කැමති වුණේ නැහැ.
විශේෂයෙන්ම එංගලන්තයේ I වෙනි එඩව්ඩ් ප්‍රංශයේ IVවෙනි පිලිප් වගේ රජවරු මේ නියෝගයට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිව පල්ලි ඉඩම්වලින් බදු අය කරන්න පටන් ගත්තා. මේ නිසා පාප්තුමාට සිද්ධ වෙනවා ජාතික හදිසි අවස්ථාවන්වලදී පූජකවරුන්ගෙන් බදු අය කරගන්න රජතුමාට පුලුවන් කියලා තමන්ගේ නියෝගය සංශෝධනය කරගන්න.
ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා
මේ විදිහට පාප්තුමායි රජවරුයි අතරේ ගැටුමකට මුල පිරෙද්දී තමා ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශයේ හිටිය බිෂොප්වරයෙක්ව අත් අඩංගුවට ගන්නේ. මේ වැඩේට විරුද්ධ වුණු පාප්තුමා රජතුමාව කතෝලික ආගමෙන් නෙරපනවා කියලා තර්ජනය කරනවා.
රජතුමා ඒ තීරණය ගැන කෝපවෙලා VIII බොනිෆස් පාප්තුමාව ඉවත් කරලා වෙන අයෙක්ව පාප් ධූරයට පත් කරන්න තීරණය කරලා 1303 සැප්තැම්බර් මාසයේදී ඉතාලි රදළ පිරිසකගේත් උදව් ඇතුව පාප් මාළිගාවට පහරදීලා පාප්තුමාව සිරභාරයට ගන්නවා. කොහොම නමුත් පස්සේ මේ සිද්ධිය සමථයකට පත්වුණත් සිද්ධිය නිසා ඇතිවුණු කම්පනයෙන් VIII බොනිෆස් පාප්තුමා මාසයකට පමණ පස්සේ ස්වර්ගස්ථ වෙනවා.
V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා
මේක තමන්ගේ අවස්ථාව කරගන්න ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශ ජාතික පාප්තුමෙක්ව පත් කරගන්න කටයුතු කරනවා. ඒ යටතේ පත්වුණු V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා රෝමයේ පාප් මාළිගාවට යන්නේ නැතුව අග්නිදිග ප්‍රංශ සීමාවේ රොන් ගඟ ගාව තියෙන ඇවිග්නොන් කියන නගරයේ වාසය කරනවා. 1309 ඉදන් 1377 වෙනකම් බැබිලෝනියන් අත් අඩංගුව කියලා හඳුන්වන මේ කාලයේ පත්වුණු හැම පාප්තුමෙක්ම වාසය කරන්නේ මේ නගරයේ.
මේ කාල සීමාවේදී හැම පාප්තුමෙක්ම ප්‍රංශ ජාතිකයන් කාඩිනල්වරුන් විදිහට වැඩි වශයෙන් පත් කරගත්තා වගේම ඒක නිසා හැම විටම වගේ පාප් ධූරය ප්‍රංශ ජාතික කාඩිනල්වරයෙක්ටම හිමිවුණා. මේ නිසාම ප්‍රංශයට හිතැති සහ වාසිදායක වෙන තීරණ පාප්වරු ගත්තා වගේම ක්‍රමයෙන් කතෝලික පල්ලියේ විවිධාකාරයේ ගැටලු ඇතිවෙන්න පටන් ගත්තා.
XI වෙනි ග්‍රෙගරි පාප්තුමා
මේ කාලයේදීම පාප්තුමාට අයිති වෙලා තිබුණු ඉතාලි ප්‍රදේශ අහිමි වීමේ තර්ජනයක් එහෙමත් ආපු නිසා රෝම වැසියන්ගේ ඉල්ලීමට XI වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී XI වෙනි ග්‍රෙගරි පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක රෝම හෝ ඉතාලි කාඩිනල්වරයෙක් පාප් ධූරයට පත් කරන්න කියලා මහජන මතයක් ගොඩනැගුණු නිසා කාඩිනල්වරු ඉතාලි ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ VI වන අර්බන් පාප්තුමා.
VI වන අර්බන් පාප්තුමා
එතුමා උත්සහ කරන්නේ ප්‍රංශ ආදිපත්‍යට නතු වෙලා තිබුණු පාප් ධූරය නැවත වරක් ස්වාධීන කරන්න. ඒ යටතේ එතුමා අලුතෙන් කාඩිනල්වරු 28 ක් පත් කරලා කාඩිනල් මණ්ඩලයේ ප්‍රංශ බලය අවම කරන්න කටයුතු කරනවා. ඒත් ඒ කටයුත්තට එරෙහිව නැගී සිටිය ප්‍රංශ කාඩිනල්වරු VI වන අර්බන් පාප්තුමාගේ පත්වීම වලංගු නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරලා VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්තුමෙක් පත් කරගන්නවා.
VII වන ක්ලෙමන්ට් පාප්තුමා
පාප් ධූරය අත් හරින්න අකමැති වුණු VI වෙනි අර්බන් පාප්තුමා VII වන ක්ලෙමන්ට් පාප්තුමා කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමාත් දැන් නිත්‍යානුකූල පාප්තුමා තමන් කියලා ප්‍රකාශ කරලා VI වෙනි අර්බන් පාප්තුමාව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා.
මේ නිසා එකම කාලේ පාප්වරු දෙන්නෙක් කතෝලික ජනතාව පාලනය කරනවා. VI වෙනි අර්බන් පාප්තුමා රෝමයේ කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයනවා. ඉතාලිය, ජර්මනිය, එංගලන්තය වගේ රටවල් එතුමාට පක්ෂපාතී වෙනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමා ඇවිග්නොන් නගරය කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයවා. ප්‍රංශය, ස්කොට්ලන්තය, නේපල්ස්, ස්පාඤ්ඤය එතුමාට පක්ෂපාතී වෙනවා.
1389 දී VI වෙනි අර්බන් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකා විදිහට IX වෙනි බොනිෆස් පාප්තුමා පත්වෙනවා.
1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XIII වෙනි බෙනඩික් පාප්තුමා පත් වෙනවා.
1404 ඔක්තෝබර් මාසයේදී IX වෙනි බොනිෆස් පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට VII වෙනි ඉනසන්ට් පාප්තුමා පත් වෙනවා. 1406 දී එතුමා ස්වර්ගස්ථ වීමත් එක්ක XII වෙනි ග්‍රෙගරි පාප්තුමා පත් වෙනවා.
XII වෙනි ග්‍රෙගරි පාප්තුමා
මේ තත්වයත් එක්ක කතෝලික සභාව බිඳ වැටීමේ තර්ජනයක් එල්ල වෙන්න පුලුවන් නිසා කතෝලික සභාව බේරා ගැනීමේ අරමුණෙන් සංහිදියා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. පැරිස් විශ්වවිද්‍යාලයේ බුද්ධිමතුන් වගේම ආච් බිෂොප්වරු, බිෂොප්වරු, ඇබට්වරු, එංගලන්ත, ප්‍රංශ, ජර්මන්, පෝලන්ත, සිසිලි රජවරුන්ගේ නියෝජිතයන් කියන මේ සියලු දෙනාම 1409 දී ඉතාලියේ පීසාවලට රැස් වෙනවා. මේ එකතුව Council of Pisa නමින් හැඳින්වෙනවා.
මේ සමුළුවේදී XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් කියන පාප්තුමන්ලා දෙන්නාම ධූරවලින් පහ කරලා ග්‍රීක ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා. ඒත් ගැටලුව වෙන්නේ පීසා සමුළුවේ තීරණය පිළිගන්න XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් පාප්තුමන්ලා අකමැති වීම
V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා
මේ නිසා එකම කාල සීමාවේ XII වෙනි ග්‍රෙගරි, XIII වෙනි බෙනඩික්, V වෙනි ඇලෙක්සැන්ඩර් නමින් පාප්තුමන්ලා තුන් දෙනෙක් ඉන්නවා. 1410 දී V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XXIII වෙනි ජෝන් පාප්තුමා පත් වෙනවා.
Council of Constance
තත්වය තව දුරටත් අවුල් ජාලාවක් වෙන නිසා 1414 ඉදන් 1418 වෙනකම් මීටත් වඩා පුළුල් නියෝජනයක් ඇතුව ශුද්ධ රෝමානු අධිරාජයා වුණු සිගිස්මන්ඩ්ගේ මූලිකත්වයෙන් කොන්ස්ටන්ස් නගරයේදී සම්මේලනයක් පවත්වන්න පිරිස කටයුතු කරනවා. මේ එකතුව Council of Constance නමින් හැඳින්වෙනවා.
XXIII වෙනි ජෝන් පාප්තුමා
ඒ යටතේ XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් කියන පාප්වරුන් Anti Popes විදිහට නම් කරලා ඔවුන්ව ධූරයෙන් පහ කරනවා. ඒ වගේමයි XII වෙනි ග්‍රෙගරි පාප්තුමාවත් ධූරයෙන් පහ කරලා එතුමාට Cardinal Bishop of Porto and Santa Ruffina කියන ගෞරව තනතුර ප්‍රදානය කරනවා. එතුමා මේ සම්මේලනය අතරවාරයේදී ස්වර්ගස්ථ වෙන නිසා අවසානයේදී සම්මේලනයේ එකඟත්වයත් මත එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට V වෙනි මාර්ටින් පාප්තුමා 1417 දී තෝරා පත් කර ගන්නවා.
XIII වෙනි බෙනඩික් පාප්තුමා
XXIII වෙනි ජෝන් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න කැමති වුණත් XIII වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න අකමැති වෙන නිසා එතුමාව කතෝලික සභාවෙන් නෙරපන්න සම්මේලනය තීරණය කරනවා. ඊට පසුව Perpignan ප්‍රදේශයේ වාසය කරපු XIII වෙනි බෙනඩික් 1423 දී ස්වර්ගස්ථ වෙනකම්ම ප්‍රකාශ කරන්නේ නියම පාප්තුමා තමන් කියලා.
XXIII වන ජෝන්ගේ සොහොන
පසුව පත්වුණු V වෙනි මාර්ටින් පාප්තුමා යටතේ XXIII වෙනි ජෝන් Tusculum ප්‍රදේශයේ කාඩිනල් බිෂොප් වශයෙන් කටයුතු කරලා 1418 දෙසැම්බර් ස්වර්ගස්ථ වෙනවා.
V වෙනි මාර්ටින් පාප්තුමා
සම්මේලනයේදී XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් වගේම VII වෙනි ක්ලෙමන්ට්, V වෙනි ඇලෙක්සැන්ඩර් කියන පාප්වරුත් Anti Popes ලා විදිහට නම් කෙරෙනවා. ඒ විදිහට තමා පාප්වරුන් තුන් දෙනෙක් එකම කාලේ හිටිය ප්‍රශ්නේ නිරාකරණය වුනේ.
Council of Constance
ඔක්කොම නම් ගම් පැටලෙනවා වගේ නම් පහළින් තියෙන රූප සටහන බලන්නකෝ.
මේ සටහන ගැන අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගිහාන් සහෝදරතුමාට සහ හරී අයියාට යොමු කරනු ලැබේ :D
ප.ලි.: වැස්ස වෙලාවට කරන්න දෙයක් නැති නිසා පරණ ඉතිහාසය පොත් ටිකක් කියවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ යුරෝපයේ ඉතිහාසය පොතේ තිබිලා මේ කතාව හම්බුණේ. පලිප්පු දාන්න විස්තර ගත්තේ විකිපීඩියාවෙන්
ප.ප.ලි.: මුල්ම ෆොටෝ එක ඉස්සුවේ හරී අයියාගෙන් :)












.jpg)

.bmp)


.bmp)







.bmp)
.bmp)













