Thursday, August 9, 2012

ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි - ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි


 ලෝකයේ  මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක. 

 බුදුරුව දැක්වෙන කණිෂ්කගේ කාසිය

ග්‍රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ බුදු රුවේ සිවුර පෙරවලා තිබෙන  ආකාරය නිරීක්ෂණය කරද්දී.

ඒ කොහොම වුණත් සාහිත්‍ය මූලාශ්‍ර පිරික්සද්දී ඊටත් වඩා පැරණි ඉතිහාසයක් බුද්ධ ප්‍රතිමාවට හිමිවෙන බව පේනවා. මේ නිගමනයට එන්න පාදක වෙන සාහිත්‍ය මූලාශ්‍ර දෙකක් වෙන්නේ සංචාරක භික්ෂූන් ලෙසට ප්‍රකට පාහියන් සහ හියුං සියෑංගේ සංචාරක වාර්තාවන්. 

ඒ වාර්තා දෙකේම දක්වන විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස් කාලයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්ම පිටකය දේශනා කරන්නට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා වස් තුන් මාසයම දිව්‍ය ලෝකයේ ගත කරද්දී බුදුන් වහන්සේ නොදැක සංවේගයට පත්වෙන රජතුමෙක් බුදු පිළිමයක් නිර්මාණය කරනවා.

පාහියන්ගේ වාර්තාවට අනුව ඒ රජතුමා කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා. හියුං සියෑංගේ වාර්තාවට අනුව ඒ රජතුමා වත්ස්‍ය ජනපදයේ අධිපතියා වුණු උදයන රජතුමා.

  ඊතලයෙන් දක්වා තියෙන්නේ කෝසල ජනපදය

මේ කතා පුවත් දෙකෙන් පසේනදී කෝසල රජතුමා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවපු ආකාරය පිළිබඳව තවත් සාහිත්‍ය මූලාශ්‍ර දෙකකම සඳහන් වෙන නිසා ඒ පැත්තට වැඩි බරක් ලැබෙනවා. හැබැයි ඒ සාහිත්‍ය මූලාශ්‍ර දෙකේ කතාව පාහියන්ගේ කතාවට වඩා වෙනස්.

මේ සාහිත්‍ය මූලාශ්‍ර දෙක තමා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිතව තිඛෙන පඤ්ඤාස ජාතක නමින් හැඳින්වෙන පන්සිය පනස් ජාතකවලට අමතරව තිබෙන ජාතක කතා පනහෙන් 37 වැනි ජාතක කතාව වෙන වට්ටාංගුලි රාජ ජාතකය සහ තවමත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා නේත්‍රා පිහිටවන්න කලින් ගායනා කරන කෝසල බිම්බ වර්ණනාව.

ඒ කතා දෙකේ සම්මිශ්‍රණය කියන්න තමා මේ සූදානම.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

ජේතවනාරාමයේ බුදුන් වැඩ සිටි ශ්‍රී ගන්ධ කුටිය

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.
 
ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා. 

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව "සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ" කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා. 

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා "ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති" කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා. 

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.


ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ. 

මේ ආකාරයේ ආමිෂ පූජාවන්ගෙන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසිලා අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කෝසල බිම්බ වර්ණනාව සිංහලෙන් කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.

පාලියෙන් කෝසල බිම්බ වර්ණනාව කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
 
මේ කතාව මම උපුටා ගත්තේ මහාචාර්ය යූ.ඩී. ජයසේකර අභිනන්දන සමරු කලාපයට මහාචාර්ය තිස්ස කාරියවසම් ලියපු කෝසල බිම්බ වණ්ණනා සහ කෝසල බිම්බ වර්ණනාව හෙවත් කොසොල් බුදු පිළිමයේ කතාව ලිපියෙන්

ප.ලි.: මේක පොඩි කාලේ අහපු කතාවක්. 

මුල්ම බුද්ධ රූපේ හැදුවේ කවුද කියලා දන්නවාද ? 

උත්තරේ තමා "සකලං" 

ඇයි වන්දනා ගාථාවේ තියෙන්නේ "බුද්ධ රූපං සකලං සදා" කියලානේ. ඒත් හැබෑවටම බුද්ධ රූපං සකලං සදා කියන්නේ සියලු තැන්වල සාදා තිබෙන බුද්ධ ප්‍රතිමා කියන අර්ථයෙන් :D

157 comments:

  1. මේච්චර කාලෙකට මෙහෙම දේවල් දැනන් හිටියෙ නැහැනෙ. මම හිතාගෙන හිටියෙ බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වුනේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ කියල. ස්තූතියි වටිනා කරුණු ගොඩක් ලබා දුන්නට.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මේවා සාහිත්‍ය මූලාශ්‍ර නොවැ. ඒක නිසා කතාවේ සත්‍යතාවය ගැන නම් ගැටලු තියෙනවා...

      Delete
  2. මේ කතාව මං දැනං හිටියෙත් නෑ.... මං දැනං හිටියේ ආනන්ද බෝධියේ කතාව විතරයි.....
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. @ හිරු

      ආනන්ද බෝධියත් මේ ආකාරයෙන් බුදුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න භාවිතා වුණු එකක් නොවැ. ඒ කතාවත් හරි අපූරු කතාවක්නේ..

      ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් බෝධිය අයිති වෙන්නේ පාරිභෝගික චෛත්‍යය කොටසටනේ...

      Delete
  3. නොදැන හිටපු කරුණු ගොඩාක්...ඇත්තටම අපි ඉගෙන ගන්නේ බුදු පිළිම නෙලීම පටන්ගත්තේ කණිශ්ක රජ කාලේ කියලා නේ.

    ස්තුතියි ඔබට. වටිනා, වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කිරීම සම්බන්ධව

    ReplyDelete
    Replies
    1. @ වකා - WAKA

      කණිෂ්ක රජතුමාගේ කාලේ ඉදන් තමා බුද්ධ ප්‍රතිමාව නෙළීම සම්බන්ධව සාධක හම්බවෙන්නේ.. මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රයක් නොවැ. අශෝක රජතුමාගේ කාලයේත් මේ ආකාරයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරපු හැටි ගැන අපූරු විස්තරයක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා..

      Delete
  4. දැවයෙන් නිර්මිත ඒවා කොහොමත් අද වෙනකම් ඉතුරු වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයිනේ. ඔය කනිෂ්ක රජතුමා හිටියේ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ ද ? එහෙම දෙයක් ඉගෙන ගත්තා මතකයි වගේ. ඒ කාලේ කිව්වේ ගාන්ධාර දේශය නේද ?

    සකලං කතාව දැකල මාමට වඳින ගාථාව මතක් වුනා.. :)

    ReplyDelete
    Replies
    1. @ රාමා

      කොසොල් රජතුමා වගේම අශෝක රජතුමාත් බුදු පිළිමයක් නිර්මාණය කරවපු කතාව බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. පාහියන් හාමුදුරුවෝ ඉන්දියාවට වැඩම කරපු කාලේ ඒ පිළිමය බුද්ධගයාවේ තැන්පත් කරලා තිබුණාය කියලා පොතක තිබ්බා වගේ මතකයි.

      කණිෂ්ක රජතුමාගේ රාජ්‍යය තිබුණේ වර්තමාන ඇෆ්ඝනිස්ථානයේ විතරක් නෙමේ. ඒක විශාල අධිරාජ්‍යයක්. සොළොස් මහා ජනපදවලින් ගාන්ධාර දේශයත්, කාම්බෝජ දේශයත් මේකට අදාළ වුණු බව පේනවා....

      මේ සිතියම බලන්න අයියේ ඒ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.

      Delete
  5. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      සන්තෝෂයි මලයා :)

      Delete
  6. අනේ පුතේ.. මේකට නම මම කොහොමටවත් එකඟ නැහැ.. මේ බවුද්ධ සාහිත්‍යයට ආරළු බුරළු දාල හදපු ලස්සන කතාවක්. බුදු පියාණන්ගේ දෙසුමටත් බුදු දසුනටත් ඉඳුරා පටහැනියි.. නුගත් මිනිස්සුන්ගේ මුඨ ශ්‍රද්ධාව දියුණු කරන්න ලියු එකක්. සාක්ෂි මෙන්න.
    බුදු පියානන් ජීවත්ව සිටියදී පවා වක්කලී භික්ෂුවට කී අවවාදය ජීවමානව සිටියදී පිළිම වන්දනාව අනුමත කිරීමට ඉඳුරාම පටහැනියි.
    මැලේසියාවේ ප්‍රධාන විහාරයට යන මග නම් කර තිබෙන්නේ පිළිම වඳීන්නන්ගේ මාවත කියලයි..(Jalan Berhala ) ඒකට හේතුව ඒ පාරේ තියෙන්නේ කතෝලික පල්ලිය හින්දු කෝවිල සහ බවුද්ධ විහාරය වීමයි.. අපි කවුරුත් දන්නා පරිදි ඉස්ලාම් ආගමේ පිළිම වන්දනාවක් නැහැනේ. මේ පන්සලේ ඉස්සර වැඩහිටියේ පුජ්‍ය කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ මලසියාවේ ප්‍රධාන සංග නායක. හැම දෙනාගේම පිළිගැනීමේ හැටියට මේ ධර්මධර උගත් ස්වාමින්වහන්සේට ඉතා ගැඹුරු වැටහීමක් තිබුනා. උන්වහන්සේ 87 වියේදී ඔත්පලවෙලා ඇඳේ ඉන්නකොටත් පපුවට උඩින් ලැල්ලක් සවිකරගෙන පොත් ලිවුවා. මේ පිළිම වඳී න්නන්ට බවුද්ධයින් අයිති නැති බව උන්වහන්සේ පැහැදිලිවම කිවුවා. ඉන්දියාවේ බොහෝ කලක් අධ්‍යයනය කල උන්වහන්සේ පැහැදිලිවම පරීක්සන වලින් ඔප්පු කල හැටියට බුදුන් වහන්සේගේ ඇවෑමෙන් වසර පන්සියයක් යනතුරු බුදු පිළිම හැදුනේ නැහැ.. බුදු පියාණන් එසේ හැදීම අනුදැන වදාළේත් නැහැ. බුදු පියානන් දේශනා කලේ තමුන්ගේ ඇවෑමෙන් ධර්මය ගුරු තනතුරේ තියාගන්න කියලයි.. අද අපි බුදු පියාණන්ගේ පිළිම වලට වඳින්නේ උන්වහන්සේගේ ධර්මය සංකේත කරගෙනයි..උන්වහන්සේගේ මහා කරුණාව වගේ ගුණ සමුදාය සිහිකරලයි ගාථාවල තේරුම බලන්නකෝ.
    උන්වහන්සේ ධර්ම සාහිත්‍යයේ එන මේ කතාව කිවුවා. වසර පන්සීයකට පසු ඒක රහතන් වහන්සේ නමක් උපගුප්ත කියල .බොහොම චතුර ලෙස දහම් දෙසන නිසා මිනිස්සු සිය දහස් ගණනින් එකතු වෙලා බන ඇහුවාලු. මේක විඳ දරාගන්න බැරි උන මාර දිවය පුත්‍රයා ඒ පන්සල ඉස්සරහින් ලොකු නර්තන කණ්ඩායමක් ගෙනත් දැම්මලු.. ඊට පස්සේ සාමාන්‍ය විධිහට අර නර්තන කණ්ඩායම හින්දා මිනිස්සු එතනට ගියා මිස ධර්ම දේශනාවට ආවේ ටික දෙනාලු. මේකට. උපගුප්ත හාමුදුරුවෝ කලේ අර නර්තනය ඉවරවෙනකොට ගිහින් මාරයාගේ කරට මල් මාලාවක් දාපු එක.එක දැම්මට පස්සේ නයෙක් වගේ බෙල්ලවටේ තදවෙන්න ගත්තලු.. මාරයා මේක අරන් සක්කරයා ලඟට ගිහින් කිවුවලු අයින් කරන්න කියල සක්කරයා කිවුවලු මේක අයින් කරන්න පුළුවන් උපගුප්ත රහතන්වහන්සේට විතරයි කියල එතකොට මාරයා ගිහින් උන්වහන්සේගෙන් ඇහුවම උන්වහන්සේ කොන්දේසි දෙකක් දුන්නලු. එකක් මාරයා සැබවින්ම බුදුන් දැක ඇති නිසා උන්වහසේගේ රුවක් නිමවන්න කියල. අනික නැවත ධර්ම දේශනා වලට බාධා කරන්න එපා කියල. ඔහොම කිවුවම මාරයා කිවුවලු හොඳයි මම බුදුන්වහන්සේගේ වේශයක් ගන්නම් හැබැයි ඔබ වහන්සේ මට වඳින්න බැහැ.. කියල.. හාමුදුරුවෝ එකඟ උනා. මාරයා බුද්ධ වේශය ගත්තම හාමුදුරුවෝ මුනින් වැටිලා වැන්දාලු.. මාරයා එක්වරම වෙනස්වෙලා හාමුදුරුවන්ට දොස් කීවාලු ඇයි මට වැන්දේ කියලා. හාමුදුරුවෝ කීවාලු මම වැන්දේ බුදුපියාණන්ට මිස තමුන්ට නෙවෙයි කියලා . ඒ වගේ අපි වඳින්නේ පිළිමයට නෙවෙයි බුදු පියාණන්ගේ අපරිමිත ගුනසමුදයට ධර්මයට සහ ගුරු තුමාට.
    බුදුන්ගෙන් පසු ආකෘතියක් ගැන සඳහන් වෙන්නේ මෙතනදිලු..
    ඔන්න සාරය. ඒ දේශනාව ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. කැමතිනම් මම මේල් කරන්නම්. ඒ දේශනා ටික සිංහලට නගන්න හිතන් ඉන්නවා ඒත් මගේ කාලය මදිකම නිසා අතපසු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතෝලිකයන්ගේත් පිළිම වන්දනාවක් නැත..

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      අනිවාර්යයෙන්ම අයියේ ඔයාගේ කතාවට එකඟයි. මේ බෞද්ධ සාහිත්‍යය. මේ කතා කියවද්දී විමසුම් නුවණින් තේරුම් ගන්න ඕනේ... මම මේ කතා ලියන්නේ අන්ධ භක්තිය ඇතිකරන්න නෙමේ. මේ ආකාරයේ කතා බෞද්ධ සාහිත්‍යය ඇතුලේ තියෙන බව මතක් කරලා දෙන්න වගේම මේ කරුණු තුළින් ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කරගන්න වගේම බෞද්ධ ඉගෙන්වීම් ගැන හොයන්න බලන්න කරන පෙළඹවීමක් විදිහට.

      බුදු පිළිමය උද්දේශික චෛත්‍යයක් විදිහට වන්දනා කළත් මුල් කාලීන ඉදි කරපු ප්‍රතිමාවල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරපු බව කියවෙනවා. අදත් විශාල ප්‍රමාණයේ බුදු පිළිම නිර්මාණයේදී මේ කටයුත්ත කරනවා නොවැ. ඒකෙන් ප්‍රතිමා වන්දනා කිරීමකටත් වඩා බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු වන්දනා කිරීමකුත් සිදු වෙනවානේ...

      කොහොම නමුත් මේ කතාවෙන් මට අදිකාරම්තුමා කියපු කතාවක් මතක් වුණා. ගලින් කරපු විහාරයකට යන උපාසකයෙක් ගල් පොළව පාගාගෙන ඇවිත් ඒ ගලින්ම කරපු බුදු පිළිමයට වඳිනවා වගේ කතාවක් තමා එතුමා කියලා තියෙන්නේ. ඒ කොහොම වෙතත් පුද පූජා පවත්වමින්ම විතරක් ඉන්නේ නැතුව බුදුන් වහන්සේ කොයි ආකරයේ ද කියන එක හිතේ ඇතිකරගන්න ආධාරකයක් විදිහට බුදු පිළිමය භාවිතා කරලා ඊට පස්සේ බුදුන් වහන්සේ වදාළ මාර්ගයේ යන එක හොඳයි කියලයි මගේ අදහස.

      අයියා කිව්ව උපගුප්ත හාමුදුරුවන්ගේ කතාවට සමාන කතාවක් ලංකාවේ හිටිය අවසන් මහරහතන් වහන්සේ විදිහට පිළිගන්න මලියදේව මහරහතන් වහන්සේ සම්බන්ධවත් කියවෙනවා. උන් වහන්සේ රහත් වෙන්නේත් ඒ විදිහට මාරයා මැව්ව බුදු රුව සිහිපත් කිරීම හරහා...

      අශෝක රජතුමාත් ඒ වගේ ක්‍රමයකට බුදුරුවක් මවා ගැනීමෙන් ඒක පාදක කරගෙන බුදු පිළිමයක් නිර්මාණය කරපු කතාවකුත් තියෙනවා...

      ස්තුතියි අයියා හරවත් අදහසක් එකතු කළාට :)

      Delete
    3. @ හරී

      මට ප්‍රශ්නයක් තියෙනවා අයියේ. එතකොට අපි දැකලා තියෙන ජේසුතුමාගේ, මරියාතුමිගේ වගේම ශාන්තුවරුන්ගේ පිළිම කතෝලිකයන් භාවිතා කරන්නේ ඒ උතුමන්ව සිහිපත් කරගන්නද ?

      Delete
    4. සරත් සහෝදරයා... නොදන්න නිසයි අහන්නේ මේක..

      …උපගුප්ත රහතන් වහන්සේ ගැන කතාව සැබෑ කතාවක් ද, නැත්නම් සාහිත්‍යමය වශයෙන් නිර්මාණය උනු එකක් ද ?

      …මොකද රහතන් වහන්සේ නමක් කියන්නේ බුදු දහමේ ඉහලම හරය අවබෝධ කරගත් කෙනෙක්. ඉතින් ඒ වගෙ කෙනෙකුට බුදුන්ගේ රුවක් මැවීමට මාරයාගේ සහය අවශ්‍ය ද? අනික රහත් භාවයට පත් කෙනෙක් අර වගේ මාරයා විසින් මැවූ දෘෂ්ටි මායාව දැක පෘථග්ජනයෙක් සේ ක්‍රියා කරයි ද..

      …පැහැදිලි කරන්ඩෝ..

      Delete
    5. @ Hasitha,

      පිළිම වන්දනාව කියලා ක්‍රිස්තියානි ආගම්වල අය පවා කතෝලිකයන්ට චෝදනා කරනවා. නමුත් කතෝලිකයො පිළිම භාවිතා කරන්නෙ ඒ ඒ උතුමන්ලාව සිහිපත් කිරීමට පමණයි.. පිළිමයට වඳින්නේ නෑ..

      Delete
    6. @ හරී

      එතකොට ක්‍රිස්තියානි ආගමේ ප්‍රතිමා නිර්මාණයත් ජේසුතුමාගේ කාලයේ ඉදන්ම වුණු එකක්ද ? එහෙමත් නැත්නම් ඊට පසුකාලීන සිදුවුණු එකක්ද ?

      Delete
    7. හසිත කියපු බුදු පිළිම වහන්සේගේ කතාව කලින් අහලා තියෙනවා. ඒ වගේම හසිතගේ ලිපියෙන් හා සරත් අයියාගේ කමෙන්ටුයෙන් මට ගැටලුවක් පැන නගිනවා.

      බුද්ධ ප්‍රතිමා නෙලීම ආදී වු දේවල් අටමහා කුසල කර්මයක් කියලා බුද්ධ දේශණයේ සඳහන් ද කියලා? එහෙම උනොත් පිලිම නෙලිම බුදුන් වහන්සේ අනුමත කලා වෙනවා. එහෙම නැතිනම් අටමහා කුසල කර්මයෙන් එකක් කලා කියලා පිලිම නෙලිමෙන් මිනිසුන් මුලාවකට වැටෙනවා? මේක නම් අනිවාර්යයෙන් ලිහා ගත යුතු තැනක්!

      Delete
    8. ක්‍රිස්තියානි ආගම්වල ප්‍රතිමා නිර්මාණයක් නෑනෙ. කතෝලිකයින් අතර පමණයි ප්‍රතිමා නිර්මාණය කරන සම්ප්‍රදාය තිබෙන්නෙ. ඒක ඇතිවෙලා තියෙන්නෙ රෝම අධිරාජ්‍යය කතෝලික වුනාට පස්සෙ. රෝමයේ දේව ප්‍රතිමා නිර්මාණයේ ආභාෂය ලැබෙන්නට ඇතැයි සිතනවා..

      ක්‍රිස්තියානි කියන්නෙ ප්‍රොතෙස්තන්ත , රෙප්‍රමාදු, මෙතෝදිස්ත, ඇන්ග්ලිකන් ආදී රෝමානු කතෝලික සභාවෙන් වෙන්වූ කොටස්..

      Delete
    9. බුද්ධි ගේ බුද්ධිමත් කමෙන්ටුව ගැන මගෙත් අවධානය...

      Delete
    10. හරී, කතෝලිකයො පිළිම වන්දනා කරනවානේ.. ඇයි මල් මාල දාලා සුවද දුම් පත්තු කරලා ඒවට ගරු කරන්නෙ.

      Delete
    11. @ සෙන්නා,

      මියගිය ඥාතීන්ගේ රූපවලටත් මල්මාලා දානවනෙ.. ඒ කියන්නෙ අපි ඒ ඥාතීන්ට වඳිනවද? :)

      Delete
    12. සරත් ලාංකාප්‍රියගෙයි, හසිතගෙයි දෙබස ඇත්තෙන්ම ඌන පූර්ණයක්. හසිත ගිමන් නිවන්නගෙ මුල්ම කමෙන්‍ටුවට දීපු උත්තරේ පෝස්ට් එකේ අගට යොදන්න කල්පනා කලා නම් තමයි වඩා හරි.
      හරීගෙ කමෙන්‍ටුව වෙනත් මගක් ගත්ත එකක්නෙ. එතකොට හරී ක‍තෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි පල්ලි වල පිළිම නැත්ද? මට මේක අමතකයිනෙ. ඒ වගේම මට මතක හැටියට මම දැකලා තියෙනවා සමහර බැතිමතුන් ජේසු තුමාගෙ පිළිමයෙ දෙපා සිප ගැනීම. මේ ගැන පොස්ඩ්ඩක් පැහැදිලි කලොත් හරී.
      මේ ආගමික ඝට්ටනයක් කියලා වරදවා තේරුම්ගන්න එපා හරී. නොදන්න දෙයක් පැහැදිලි කරගැනීමක් විතරයි.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    13. @ Dude,

      ප්‍රශ්න අහනවට මම කැමතියි. එතකොට කරුණු හොයන්න ගිහින් මමත් යම් යම් දේ ඉගෙන ගන්නවා. ඒක නිසා ආගමික ඝට්ටනයක් කියලා වරදවා තේරුම්ගන්නේ නම් නෑ..:)

      මේකට ඇත්තටම පෝස්ට් එකක් ලිවිය හැකි මාතෘකාවක්. ඒත් තවම මම කතෝලික හා ක්‍රිස්තියානි කියන්නෙ දෙකක්ද එකක්ද කියලා පැහැදිලි කරලා නැති නිසා පෝස්ට් එකක් ලියනවානම් ඒක මුලින් ලියන්න ඕනෙ. ඉතින් මම මෙතන කෙටි උත්තරයක් දෙන්නම්.

      දස පණතෙ තියෙන පළමුවෙනි පණත තමයි 'සැබෑවූ එකම දෙවියන්ට වන්දනා කරව' කියන එක ඒ කියන්නෙ වෙනත් දෙවිවරු හෝ ඇදහිලි වලට යන්නෙපා කියන එක. ගස් ගල් වන්දනාව මෙන්ම පිළිම වන්දනාවත් මේ පනතින් තහනම් වෙනවා.

      මම හිතන්නෙ මෙතන ලොකුම පටලැවිල්ල තියෙන්නෙ අපි පාවිච්චි කරන වන්දනාව කියන වචනයේ අර්ථයේ. මම ඒ වචනය පාවිච්චි කරන්නෙ අදහනවා කියන තේරුමෙන්. තවත් පැහැදිලිව කිව්වොත් කෙනෙක් මැටි ගොඩකින් පිළිමයක් හදනවා. ඊටපස්සෙ හිතනවානම් මේ මැටි පිළිමෙට පුලුවන් මට යම් වරප්‍රසාදයක් දෙන්න ඒක නිසා මම මේ මැටි පිළිමෙට සාත්තු කළ යුතුයි කියලා එතන තියෙන්නෙ වන්දනාවක්. ඒ කියන්නෙ ඒ මනුස්සයා හිතනවා ඒ පිළිමය දෙවියෙක් කියලා (පිළිමයෙන් නිරූපණය වන්නා නොවේ). ඒ පිළිමය තුළ ඇති යම් බලවේගයකින් තමුන්ට ශාන්තියක් වෙයි කියලා හිතනවා නම් ඒක තමයි පිළිම වන්දනාව.

      ඊළඟට මේ ටික හිතමුකො. අපි අපේ සමීපතමයන්ගේ පින්තූර ළඟ තියන් ඉන්නවා නේද? ඒවගේම අපේ මළගිය ඥාතීන්ගේ පින්තූරත් ළඟ තබාගෙන ඒවාට මල්මාලා එහෙම පළඳවනවා. ඒ වගේම ජාතික වීරයින්ගේ පිළිම වලටත් මල්මාලා පළඳවනවා. අපි එහෙම කළාට අපි දන්නවා නේද ඒ පිළිමය හෝ ඒ පින්තූරය කියන්නේ අදාළ පුද්ගලයා නොවන බව. අපි අපේ මියගිය ඥාතියෙකුගේ පින්තූරෙට මල්මාලයක් දාලා ගෞරව කරන්නෙ මියගිය ඥාතියාට මිස ඔහුගේ පින්තූරයට හෝ පිළිමයට නොවේ.

      කතෝලිකයන්ගේ පිළිම ගැන තියෙන අදහසත් ඒ වගේ. මල්මාල දැම්මාට, සිප ගත්තාට, හඳුන්කූරු පත්තු කරාට, ඒ ඉදිරිපිට යාච්ඤා කළාට ඒ සියල්ල ඒ පිළිමයට නොවේ. ඒ පිළිමයෙන් නිරූපණය වෙන තැනැත්තාට. ඉතින් ඒ කරන ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ පිළිමෙට අපට යම් පිහිටක් වෙන්න පුලුවන් කියලා. ඒක පිළිම වන්දනාවක් නොවේ.

      ක්‍රිස්තියානි ආගම් කියන්නේ කතෝලික ආගමෙන් යම් යම් මතභේද මත වෙන්වී ගිය කොටස් බව ඩූඩ් දන්නවා ඇතිනෙ. ඒ අය දරණ එක මතයක් තමයි මොන විදිහකින්වත් පිළිමවලට ගෞරව කරන එක වැරදියි කියන එක. ඒ නිසා ඔවුන් ආගමික සංකේතයක් ලෙස කුරුසිය භාවිතා කළත් කතෝලිකයන් භාවිතා කරන ආකාරයට ඒ මත ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් වත් භාවිතා කරන්නේ නෑ. පහළ ලින්ක් බලන්නකො

      කතෝලික පල්ලියක කුරුසිය

      ක්‍රිස්තියානි පල්ලියක කුරුසිය

      නමුත් රෝමානු කතෝලිකයන් බහුල ප්‍රදේශවල ඇති ලංකාවෙ සමහර ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රතිමා එකක් පමණ තිබෙනවා මා දැක තිබේ. හැබැයි කතෝලිකයන්ගෙන් ලැබෙන තරම් ගෞරව ඒවාට ලැබෙනවා නම් දැකලා නෑ.

      Delete
    14. @ බුද්ධි

      අට මහා කුසලය කියන සංකල්පය හැදෙන්න පාදක වෙන්න ඇත්තේ පංච ආනන්තරිය පාප කර්ම කියන සංකල්පය කියලා මතයක් තියෙනවා. මිනිසෙක් අතින් වෙන්න පුලුවන් බරපතලම වැරදි 5 ගැන මෙතනදී කතා කරන නිසා ඒකත් එක්කම මිනිසෙක්ට කරන්න පුලුවන් හොඳම වැඩ 8 කුත් හදන්න ඕනේ කියලා පසුකාලීනව හිටිය භික්ෂූන් වහන්සේලා මේ "අට මහා කුසල්" සංකල්පය ඇතිකලා කියලා තමා ඒ මතය යටතේ කියන්නේ..

      බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වන විදිහට බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජු කියන පුද්ගලයන් සිව් කොට්ඨාශයේ ධාතු තැන්පත් කරලා වන්දනා කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාරළා තියෙනවා. ඒ වගේමයි තමන් වහන්සේව සිහිපත් කරගන්න ආධාරකයක් විදිහට බෝධි වන්දනාවත් උන්වහන්සේ අනුදැන වදාරලා තියෙනවා.

      ඉතින් බුදු පිළිම සෑදීම බුදුන් වහන්සේ අනුදැන වදාළා කියලා ගන්න මූලාශ්‍ර පසුකාලීනව සකස් කරපුවා කියලා හිතුවත් මුලින් දක්වපු ශාරීරික චෛත්‍යය සහ පාරිභෝගික චෛත්‍යය කියන වර්ග දෙකම බුදුන් වහන්සේ සිහිපත් කරගන්න උන්වහන්සේ කරපු මෙහෙයට ගරු කිරීමක් විදිහට පූජාවන් පවත්වන්න යොදාගන්නවා නම් බුදු පිළිමය ඒකෙන් බැහැර කරන්න තරම් සාධාරණ හේතුවක් මට නම් පේන්නේ නැහැ.

      බුදු පිළිමය හෝ වේවා චෛත්‍යය හෝ වේවා බෝධිය හෝ වේවා අපේ ලෞකික හෝ ලෝකෝත්තර දියුණුවට වෙනුවෙන් පාවිච්චි කරනවා නම් එතනයි වැරැද්ද තියෙන්නේ. මොකද බුදු හාමුදුරුවෝම වදරළා තියෙනවානේ තමන්ගේ විමුක්තිය තමන් සතුවයි කියලා.

      ඒ නිසා බුදු හාමුදුරුවන්ව සිහිපත් කරගන්න උන්වහන්සේට උපහාර දක්වන්න බුදු පිළිම නිර්මාණය කරන එකේ දෝෂයක් නැහැ කියලයි මම හිතන්නේ.

      Delete
    15. @ ක්සැන්ඩර් | Xander

      බුද්ධි අයියාගේ බුද්ධිමත් කමෙන්ටුවට මා ලබාදුන් පිළිතුර ගැන අවධානය යොමු කරන්න :)

      Delete
    16. @ Dude

      ඔබේ කතාව හරි. කොහොම නමුත් මේවා ආමිෂ පූජා නිසා ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසීමෙන් තමන්ගේ විමුක්තිය උදා කරගත යුතු බව මම අන්තිමට අවධාරණය කළේ ආමිෂ පූජාව පමණක් විමුක්තියට ප්‍රමාණවත් නොවෙන නිසා....

      Delete
    17. @ හරී

      ඇත්තටම අයියා ලබාදීපු පැහැදිලි කිරීම වටිනා කියන එකක්. සෙන්නා, Dude ට වගේම අපි හැමෝටම එක වටින බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. බෞද්ධයන් වන අපිත් බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පහන් සුවඳ දුම් ආහාර පූජා කරන්නේ උන්වහන්සේගෙන් කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොව උන්වහන්සේ දේශනා කරපු විශිෂ්ඨ දේශනාවට වගේම උන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් ඉටුකළ උදාර වූ මෙහෙයට කරන ගරු කිරීමක් විදිහට.

      ඒ ඇරෙන්න මම කලින් කිව්වා වගේ බුදු පිළිමයකට නොයෙක් ජාති පූජා කරලා තමන්ගේ විවිධ බලාපොරොත්තු ඉටුකරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මනුස්සයාට තමන්ගේ විමුක්ති මාර්ගය සලසා ගන්න හුඟක් කල් යන බව නම් පේන්න තියෙනවා...

      Delete
    18. ස්තුතියි හසිත.

      මට දැන ගන්න වුවමනා වුනේ අටමහාකුසල කර්මය යනුවෙන් දෙයක් බුදුන් වහන්සේ විසින් ම දේශනා කරලා තියෙනවද කියලා.

      Delete
    19. @ බුද්ධි

      මම දන්නා විදිහට බුදුන් වහන්සේ මේ කාරණා 8 එකවර ප්‍රකාශ කරලා නැතත් විවිධ අවස්ථාවලදී ඒ එක් එක් කටයුතු මහත් ඵල මහානිසංස බව දේශනා කරලා තියෙනවා. පසුකාලීනව ඒවා එකතු කරලා අට මහා කුසල් නමින් තනි පදයක් දුන්නා වෙන්න පුලුවන්

      Delete
    20. හරී,අපට අවශ්‍යනම් මියගිය නෑ දෑ හිතවතුන්ගේ පින්තූරයට/පිළිමයට වඳින්න පුළුවන්. ප්‍රසිද්ධ ජන නායකයන්ගේ, කලාකරුවන්ගේ අනුස්මරණ උත්සව වලදී එහෙම කරනවා ඔබ දැක ඇති. ඒ වඳින්නේ තම හිතේ ඉන්න අර පුද්ගලයාට මිසක් අර පිළිමයට හෝ පින්තූරයට නොවේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  7. ඔන්න අද තමා බුදු පිළිම වල අතීත කතාව කියවන්ඩ ලැබුනේ. මේකත් සුපුරුදු පරිදි නොදන්න කතාවක් !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ඉතිහාසයේ අප්‍රකට කතා. බෞද්ධ සාහිත්‍යයේ නොදන්න කතා :D

      Delete
  8. "ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා."
    බුදුන් වහන්සේ පෙර භවයක බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන්???

    බුදු පිළිමයක මුද්‍රා ටිකත් කියන්නකො..

    'ස්තුතියි.. හොඳ ලිපියක්.. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා' වගේ එව්වා මීටපස්සෙ කමෙන්ට් වල ලියන්නේ නෑ.. ඒවා ලියවෙනවා කියා සිතාගන්න... මොකද හැම ලිපියම එහෙම නිසා ඒ ටික ලියලම එපාවෙලා.. :)

    ReplyDelete
    Replies
    1. @ හරී

      අයියා අහපු ප්‍රශ්නය නම් හරියට තේරුණේ නැහැ. ඒත් මට තේරුනු විදිහට උත්තරයක් දුන්නොත් මෙතන බුදුන් වහන්සේ කියන්නේ තමන් වහන්සේගේ බෝසත් සමයේ කතාවක්. මීට පෙරත් බුදුවරුන් වැඩ වාසය කරපු නිසා ඒ බුදු කෙනෙකුන්ගේ ප්‍රතිමාවක ඇඟිල්ලක් කැඩිලා තිබිලා ඒක සවි කරපු බව තමා මෙතනින් කියවෙන්නේ....

      බුදු පිළිමයේ මුද්‍රා ගැන කියනවා නම් ආසන ක්‍රමය, ඉරියව්ව වගේම සම්ප්‍රදාය ගැනත් කියන්න ඕනේ... ඒකත් පෝස්ට් එකකින්ම කියන එක වඩාත් සුදුසුයි වගේ...

      "'ස්තුතියි.. හොඳ ලිපියක්.. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා' වගේ එව්වා මීටපස්සෙ කමෙන්ට් වල ලියන්නේ නෑ.. ඒවා ලියවෙනවා කියා සිතාගන්න... මොකද හැම ලිපියම එහෙම නිසා ඒ ටික ලියලම එපාවෙලා.. :)"

      ++++++++

      Delete
    2. @ Hasitha,

      මම අහපුදේ තේරිලා.. මම කමෙන්ට් එක දැම්මට පස්සේ තමයි මතක් වුනේ අටවිසි බුදුවරුන්ව.. පන්සලේ ඒ බුදු පිළිම ඔක්කොම එක වගේනෙ.. වෙනසක් හොයාගන්න මට නම් බැරිවුනා..

      Delete
    3. @ හරී

      බුදු පිළිම නිර්මාණය කිරීමේ පහසුවට තමා හැම බුදුවරයෙක්ම එක වගේ නිර්මාණය කරන්නේ. ඒ වගේමයි පන්සලේ බෝධි ප්‍රාකාරයේ බුදුවරුන් 28 නමක් සම්බන්ධව කතා කළත් බුදුවරයන් වහන්සේලා ඊටත් වඩා විශාල ප්‍රමාණයක් මේ ලෝකයේ පහළ වෙලා තිබෙනවා. ඒත් ගෞතම බුදුන් වහන්සේ හා සම්බන්ධ බුදුවරුන් 27 නමක් පමණයි පන්සල්වල නිර්මාණය කරලා තියෙන්නේ...

      Delete
  9. කලින් අහල නැති කතාවක්

    …"සකලං" ...:)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      මාමට වඳින ගාථාව වගේ කතාවක් තමා ඒකත් :D

      Delete
  10. I'm puzzled why Buddha statues are always depicted with hair on the head, whereas the sangha have been advised to shave their heads.

    ReplyDelete
    Replies
    1. @ shammi

      හිස කෙස් බෑම පිළිබඳව ප්‍රශ්නයට පිළිතුරක් දුන්නොත් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට හිස කෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කර තබන්න ඕනේ කියලා නියම කරලා නැහැ. බුදුන් වහන්සේ නියම කරලා තියෙන්නේ දිග හිසකෙස් නොතිබිය යුතුයි කියලා. ඒ වගේමයි හිසකෙස් මාස දෙකකට වරක් හරි අඟල් දෙකක් දක්වා උසට වැඩුණාම හරි කපන්න ඕනේ කියලා නියම කරලා තියෙනවා.

      එහෙම බලද්දී නම් අඟලක් හරි අඟල් එක හමාරක් හරි උසට හිසකෙස් තබාගත්තාට ඇවැත් නැහැ. මේ හිසකෙස් තියෙන එක අලංකාරය පිණිස තබාගන්නවා නම් හරි හිස්කෙස් අතින් හරි පනාවකින් හරි පීරනවා නම් හරි තමා ඇවැත් කියලා බුදුන් වහන්සේ නියම කරලා තියෙන්නේ...

      බුදුන් වහන්සේගේ ප්‍රතිමාවල හිසකෙස් පිහිටලා තියෙන ආකාරය දෙතිස මහා පුරුෂ ලක්ෂණවලින් 32 වෙනි ලක්ෂණය වෙන "උණ්හීසසීස" ලක්ෂණයට අයත් වෙනවා. ඒ ලක්ෂණය විස්තර කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ලක්ෂණය විස්තර කරලා තියෙන විදිහ

      "බුදුරදුන්ට සම්පූර්ණ වූ දිය බුබුළක් මෙන් බබළන්නා වූ ශීර්ෂ ඇති බව “උණ්හීසසීසපක්‍ෂණය” පිළිබඳ පජ්ජමධු විවරණයයි. බුදුන් වහන්සේගේ හිස රූප නමැති ලක් විඳින, ඇස් නමැති ඊවල දැකීම් නමැති මුවහත් තබන්නා වූ මිණිගෝළයක් මෙන් බබළන බව කියයි. අටුවාව උණ්හීස ශීර්ෂ විවරණය කරමින් මහා පුරුෂයාගේ පරිපූර්ණ වූ දිය බුබුළක් වැනි ශීර්ෂ ඇති බවත් එය හැමතැන පරිමණ්ඩලාකාර ශීර්ෂ වන බැවින් ‘උණ්හීසසීස’ වන බවත් විස්තර කරයි. මහායාන සාහිත්‍යයට අනුව උණ්ණා මෙන්ම උෂ්ණීෂයද, ලෝකාලෝකකරමින් දහස් සංඛ්‍යාත රශ්මි විහිදුවමින් ප‍්‍රාතිහාර්යපාන බව කියයි. ඒ බුදුරදුන්ගේ අතිවිශේෂ ප‍්‍රඥා මහිමය ප‍්‍රකට කිරීම පිණිස ගන්නා ලද ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් නිසා යැයි කිවහැක"

      සිදුහත් බෝසතාණෝ ගිහිගෙයින් නික්මිලා පැවිදි බිමට ඇතුළත් වුණු අවස්ථාවේදී හිසකෙස් කැපුවා හැරෙන්නට ඉන්පසු බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව දක්වාම හිසකෙස් නොකැපවූ බවයි බෞද්ධ සාහිත්‍යයේ කියවෙන්නේ....

      Delete
    2. Oh. It's very clear now. Thanks.

      Delete
  11. ඔන්න එහෙනම් මේකටත් හසිතට පින් අනුමොදනා කරනව...!!

    දැන් ඔය සල්ලි දීල කාට හරි කියල පිලිම හැදෙව්වහම පින් සිද්ද වෙන්නෙ ප්‍රඨිමා ශිල්පියටද? සල්ලි දීපු අයටද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 9, 2012 9:05 AM

      මට හිතෙන විදිහට නම් දෙන්නාටම පිං. ප්‍රතිමා ශිල්පියා ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරනවා නම් ඔහුටත් පිනක්. ඒ වගේමයි ඒකට මුදල් ලබාදීපු කෙනාටත් පිං.

      මට තේරෙන විදිහට නම් බුද්ධ ප්‍රතිමා කරවීමත් ධර්ම පොත් ලියවීම, පාලම්, මං මාවත් කරවීම වගේම හැමදාම පිං වැඩෙන පිංකම්. බුදු පිළිමයට මිනිස්සු වඳින වඳින වාරයක් පාසාම, ධර්ම පොත කියවන වාරයක් පාසාම, පාලම්, මං මාවත්වල මිනිස්සු යන වාරයක් පාසාම ඒවා කරවපු අයට පිනක් තමා වෙන්නේ....

      Delete
    2. චේතනාව අනුව දෙන්නටම හරි එක්කෙනෙකුට හරි වෙන්න ඇති...

      Delete
    3. @ රාමා

      අනිවාර්යයෙන්ම අයියේ. කොච්චර සල්ලි වියදම් කරලා හැදුවත් ඒක කරන්නේ ශ්‍රද්ධාවකින් නෙමෙයි නම් පිනක් වෙනවාද කියන එක නම් ගැටළුවක්... හරියට මස් කඩකාරයා දානයක් දුන්නා වගේ තමා

      Delete
    4. ඇනෝ අහපු ප්‍රස්ණෙ මටත් තිබුනා.... උත්තරෙත් දීලා නේ:)

      Delete
    5. @ Hasitha,

      "හරියට මස් කඩකාරයා දානයක් දුන්නා වගේ තමා" ඇයි මස් කඩකාරයින්ට දාන දෙන්න බැරිද? හොඳ චේතනාවකින් දුන්නොත් ඒක හොඳක් නෙමෙද?

      මම හුඟක් බෞද්ධ අයගෙ දැකපු ලක්ෂණයක් තමයි (සමහර කතෝලිකයොත් ඉන්නවා)මස් කඩකාරයො පව් කාරයො හැටියට සළකන්නෙ.. හැබැයි මස් කනවා..

      Delete
    6. නොකෙරිය යුතු කර්මාන්ත කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඒවයෙන් එකක් නේද මස් මාංශ වෙළෙදාම..??

      Delete
    7. එතැනදි අදහස් වෙන්නෙ මම හිතන විදියට සතුන් තමන් ම මරලා විකුණන වෙළඳාමක් ගැන වෙන්නෝන... ටිකක් හොයලා බලන්නකෝ ඒ ගැන.

      Delete
    8. @ බුද්ධි

      මටත් පරචිත්ත විජානන ඥානේ පොඩ්ඩක් පොඩ්ඩක් තියෙනවානේ :D

      Delete
    9. @ හරී

      මස් කඩකාරයන්ට දානයක් දෙන්න පුලුවන්. ඒකේ ගැටළුවක් නැහැ. ඒත් ඒ දානයේ ආනිශංස තියෙනවාද කියන එකය් ගැටළුව. මොකද බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොකළ යුතු වෙළෙදාම් 5 න් එකක් තමා මස් වෙළෙඳාම. පංච ශීලයේ මුල්ම ශික්ෂා පදය කඩකිරීම නොවැ ඒකෙන් වෙන්නේ.

      එතකොට දානයක් දෙද්දී ඒ දානය ආනිශංස සහිත වෙන්න හේතුවෙන කරුණු කීපයකුත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකෙන් මූලික කරුණක් තමා දානය සකස් කරගන්න පාදක වුණු වස්තුව දැහැමිව උපයා ගත් කක් වීම. මස් කඩකාරයා දානයට අවශ්‍ය වස්තුව උපයාගන්නේ දැහැමිව නෙමෙයිනේ. එතනයි ගැටළුව වෙන්නේ. තව උදාහරණයක් කිව්වොත් හොරකම් කරපු මුදලකින් දානයක් දුන්නා වගේ තමා...

      Delete
    10. @ Pramudi, ලහිරු

      ඔයාලා දෙන්නා අහපු, කියපු දේවල් ගැන යමක් මම හරීට දීපු පිළිතුරේ ඇති ඒක පොඩ්ඩක් කියවන්න. ප්‍රශ්න තියෙනවා නම් අපි තව කතා කරමුකෝ :)

      Delete
    11. @ hasitha,

      බුදු දහම විවේචනයක් නෙමෙයි..

      ඒත් මස් කන ගොඩක් අය කියන්නෙ 'බුදු හාමුදුරුවො කියලා නෑ කොහෙවත් මස් කන්න එපා කියලා.. මස් ජාති 10ක් ඇරෙන්න අනිත් ජාති කන්න අවසර තියෙනවා.. ඒක නිසා කෑවාට පව් නෑ'

      එහෙම නම් මස් වෙළඳාම නොකළ යුතුනම් මස් කොහෙන්ද?

      ඊළඟට මස් කෑම පව් නම් මුහුදෙ ඉන්න මාළු කෑම පව් නොවන්නෙ කොහොමද?

      මස් වෙළඳාම කියන්නෙ හොරකම තරම් පහත් දෙයක්ද?

      Delete
    12. @ හරී

      මේ ප්‍රශ්නවලට මම දන්නා තරමින් පිළිතුරු දෙන්නම්.

      බුදුන් වහන්සේ මස් වර්ග 10 ක් විතරක් කන්න එපා කියලා අනෙක් ජාති කන්න කියලා අවසරයක් දීලා නැහැ. ඒ ආකාරයෙන් මස් වර්ග 10 ක් අනුභව කරන්න එපා කියලා විනය නීතියක් පනවලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාට පමණයි. ඒ වගේමයි භික්ෂූන් වහන්සේලාට අනෙක් මාංශ වැළදීමේදීත් බුදුන් වහන්සේ අනුදැන වදාරළා තියෙන්නේ "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ" වළදන්න පුලුවන් කියලා.

      ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියන්නේ මිනිසුන් භික්ෂූන් උදෙසා ගොඩ දිය සතුන් මරනවා නොදැකපු, භික්ෂූන් උදෙසා මරන ලදැයි කියලා නොඅසපු සහ භික්ෂූන් උදෙසා මරන ලදැයි කියලා සැක පහළ නොවුණු මස්.

      ඒ මස් කන්න පුලුවන් කියලා බුදුන් වහන්සේ වදාළා ඇරෙන්න ඒ මාංශ අනුභවයත් අනිවාර්ය කරලා නැහැ.

      ප්‍රාණඝාතය පිටු දකින බුදුන් වහන්සේ මස් මාලු අනුභවයට අවසර දුන්නා කියන එක විහිළු කතාවක්.

      මිනිසුන්ගේ රස තෘෂ්ණාව විවිධාකාර නිසා සමහරු මස් මාළුවලට ප්‍රිය කරනවා සමහරු ප්‍රිය කරන්නේ නැහැ. මම හිතන විදිහට බුදුන් වහන්සේ ඒ නිදහසට බාධා කරලා නැහැ. තමන් නුවණින් වටහා ගෙන මස් මාලු අනුභවය අත් හරින්න ඕනේ දෙයක් මිසක් නීති රිති පැනවීමෙන් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමේ.

      දේවදත්ත හාමුදුරුවෝ තමන්ගේ පංචවරයෙන් භික්ෂූන් ජීවිතාන්තය තෙක් මත්ස්‍ය මාංශයෙන් වැළකිය යුතුයි කියලා ඉල්ලද්දී බුදු හාමුදුරුවෝ වදාළේ කැමති අය ඒක පිළිගන්න අකමැති අය බැහැර කරන්න කියලා. [එතන දේවදත්ත හාමුදුරුවෝ මත්ස්‍ය මාංශයෙන් කියලා අදහස් කලේ ත්‍රිකෝටි පාරිශුද්ධ මස්]

      මස් වෙළෙඳාම ගැන ප්‍රශ්නෙටත් උත්තරයක් මේ ටිකෙන් ගන්න පුලුවන් වෙයි.

      මුහුදේ ඉන්න මාලු කෑම පවු නෙමෙයි කියලා බුදු හාමුදුරුවෝ නම් කියලා නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් බොහොම වැරදි දෙයක්. දිය වේවා ගොඩ වේවා ප්‍රාණයක් එතන තියෙනවා නම් එතන ප්‍රාණඝාත අකුසලයම තමා තියෙන්නේ. ඒකේ වෙනසක් නැහැ.

      මම හිතන විදිහට නම් මස් වෙළෙඳාම කියන්නේත් හොරකම තරම්ම පහත් දෙයක් තමා. අනුන්ගේ ප්‍රාණයක් අනුන්ගේ කැමැත්තෙන් තොරව උදුරා ගන්නවා කියන්නේ එතනත් හොරකමක් තමා තියෙන්නේ....

      අපැහැදිලි තැනක් තියෙනවා නම් අපි තව කතා කරමු අයියේ.....

      Delete
    13. @ hasitha,

      මට මේකෙන් පැහැදිලි වුන විදිහට මස් මාංශයෙන් වැළකෙන්න කියලා බුදුන් වහන්සේ කියලා නෑ.. ත්‍රිකෝටි පාරිශුද්ධ මස් වැළඳීමේ නියෝගය තියෙන්නෙ භික්ෂූන් වහන්සේලාට පමණයි.. ගිහියන්ට ඕනෑම මසක් තම තමුන්ගේ කැමැත්ත අනුව වැළඳිය හැකියි.. මස් වෙළඳාම පහත් දෙයක් කියන්නෙ හසිතගෙ පෞද්ගලික මතය..

      තවදුරටත් නම් මේ ගැන කතාකරන එක තේරුමක් නැතිවෙයි හසිත.. මොකද මේ සම්බන්ධව අපගේ මතයන් තියෙන්නෙ අන්ත දෙකකනෙ.. හසිතගෙ මතය වැරදියි කියලා කියන්නත් බෑ.. මොකද ඔයා එහෙම කියන්නෙ ඔයාට සාපේක්ෂව.. මගේ මතයත් මට සාපේක්ෂව හරි.. :)

      Delete
    14. @ හරී

      "මස් මාංශයෙන් වැළකෙන්න කියලා බුදුන් වහන්සේ කියලා නෑ.."

      ඔව්. මොකද විවිධ රෝගාබාධ තත්වවලදී බුදු හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට මස් වර්ග වළදන්න අනුමැතිය දීලා තියෙනවා. ඒ හැරෙන්නට අනෙක් අවස්ථාවලදී තමන් නුවණින් සිතා බලා මත්ස්‍ය මාංශයෙන් වැළකෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.

      මොකද ප්‍රාණඝාතය අකුසලය වෙන ආකාර සතුන් මැරීම, සතුන් මරන්න නියම කිරීම සහ සතුන් මරන්න අනුබල දීම කියන අංග තුනත් එක්ක බලද්දී අපි මස් මාළු කනවා කියන්නේ සතුන් මරන්න දෙන අනුබලයක්.

      සමහරු නම් කියන්නේ මරන නිසානේ කන්නේ කියලා. ඒත් අපි කන නිසානේ සත්තුන්ව මරන්නේ [ඉල්ලුමට අනුව සැපයුම] ඒ නිසා මෙතනත් ප්‍රාණඝාතය තියෙනවා. ඒක නිසා නුවණැත්තෝ නුවණින් විමසා බලලා මේ කාරණය තේරුම් ගන්න ඕනේ...

      අයියාගේ මතය හරියටම පොඩ්ඩක් කියන්න බලන්න. මොකද තැනින් තැන ප්‍රශ්න කිරීම් ගොඩක් තිබුණු නිසා ඔයාගේ මතේ හරියටම දැනගන්න එක හොඳයි කියලා හිතුණා....

      Delete
    15. @ හසිත,

      අමාරුවෙන් ගහපු මුල් කමන්ට් එක මාවදාලා යන්න ගියා...

      මම විරුද්ධ බෝහෝ අයගේ මතය වන 'මරන නිසානේ කන්නේ' කියන එකට. මගේ මතය නම් 'අපි කන නිසානේ සත්තුන්ව මරන්නේ' කියන එකයි. මස් කඩකාරයො මහා පව් කාරයො. උන් හින්දා තමයි අපිටත් පව් පිරෙන්නෙ කියලා සල්ලිත් එක්ක පව මස්කඩකාරයාට දීලා කන මිනිහාට ගැලවෙන්න බෑ. හිතන්නකො ගමක අලුතින් මස් කඩයක් දාපුවාම කවුරුත් මස් නොකනවානම් මිනිහා තවදුරටත් මස් කඩේ පවත්වාගෙන යයිද? සමහරු මෙහෙම කතාවක් කියනවා ඒ මස් අපි වෙනුවෙන් මරපුවා නෙමෙයිනෙ. අපි කෑවත් නොකෑවත් ඒ සතා දැන් මැරිලා ඉවරයි. ඒක නිසා අපිට පව් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අද ඒ සතාව විකුණුන නිසා නේද හෙට තව සතෙක්ව මැරෙන්නෙ. පැහැදිලිව කියනවා නම් මගේ මතයට අනුව 'මම වෙනුවෙන් නොමරපුවා' කියා අත සෝදා ගැනීමට බෑ.

      ඉහළින් මම කිව්වෙ මස් වෙළඳාම පවක් කියලා කවුරුන් හෝ සළකනවා නම් මස් පාරිභෝගිකයෝත් ඒකෙ කොටස් කාරයො කියන එකයි.

      Delete
    16. @ හරී

      ඉතින් හරී අයියේ හරිනේ. මාත් උඩින් කිව්වේ ඒකම තමා. මරන නිසා කන්නේ කියලා බේරෙන්න බැහැ. කන නිසයි මරන්නේ. ඒක නිසා ප්‍රාණඝාතයට අනුබල දිමක් කරලා තියෙන්නේ. ඒක නිසා පව්ම තමා....

      "මොකද ප්‍රාණඝාතය අකුසලය වෙන ආකාර සතුන් මැරීම, සතුන් මරන්න නියම කිරීම සහ සතුන් මරන්න අනුබල දීම කියන අංග තුනත් එක්ක බලද්දී අපි මස් මාළු කනවා කියන්නේ සතුන් මරන්න දෙන අනුබලයක්.

      සමහරු නම් කියන්නේ මරන නිසානේ කන්නේ කියලා. ඒත් අපි කන නිසානේ සත්තුන්ව මරන්නේ [ඉල්ලුමට අනුව සැපයුම] ඒ නිසා මෙතනත් ප්‍රාණඝාතය තියෙනවා. ඒක නිසා නුවණැත්තෝ නුවණින් විමසා බලලා මේ කාරණය තේරුම් ගන්න ඕනේ..."

      එතන වෙන්නේ අකුසලේ අඩු වැඩිවීමක් විතරයි මස් කඩකාරයා සෘජුවම ඒ වැඩේ කරන නිසා එයාට වෙන අකුසලේ වැඩියි. පාරිභෝගිකයන් වක්‍රාකාරව සම්බන්ධ වෙන නිසා නිසා අඩු අකුසලයක් වුණත් එයාලත් ඒකට අහුවෙලා තියෙන්නේ....

      Delete
    17. @ hasitha,

      ඒක තමයි හසිතගෙ කලින් කමෙන්ටුව දැක්කාම මට හිනා ගියෙ.. බලද්දි එකම මතය..

      Delete
  12. එහෙන් මෙහෙන් කරුණු කියවලා තිබ්බට මෙච්චර ගොඩක් කරුණු කියවලා දැන ගත්තෙ හසිතගේ මේ ලිපියෙන් තමයි.. පින් සිද්ධ වේවා..

    ReplyDelete
    Replies
    1. @ Weni

      සාදු සාදු.... මේ කතාවට අශෝක රජතුමා බුදු පිළිමය නිර්මාණය කරවපු ආකාරය ගැන නම් ඇතුළත් වෙලා නැහැ... ඒක දන්නවාද අයියා ?

      Delete
    2. ඒ කතාව කියන ගොඩට මාවත් දා ගන්ඩ....:)

      Delete
    3. @ බුද්ධි

      අශෝක රජතුමාටත් විශාල ආශාවක් වගේම උවමනාවක් ඇතිවුණාලු බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න. රජතුමාගේ මේ අදහස දැනගත්තු මහා කෙළ කියන නාග රාජයා රජතුමාව හමුවෙලා රජතුමාට බුදුරජාණන් වහන්සේගේ රූපකාය ප්‍රක්ෂේපණය කරලා පෙන්නුවාලු. හරියට දැන් කාලේ multi media projector එකකින් කරන වැඩේ තමා වෙලා තියෙන්නේ.

      ඉතින් බුදුන්ගේ රූපකාය දැකපු අශෝක රජතුමා බොහොම සතුටට පත්වෙලා ඉටි ආධාර කරගෙන ඒ බුදුරුවේ අච්චුවක් ලබාගෙන බුදු පිළිමයක් නිර්මාණය කළා කියලා කියවෙනවා.

      හැබැයි ඒ කොටස කියෙව්වාම මට මතක් වුනේ ලාංකික විද්‍යාඥයෙක් වෙන මහින්ද පාතේගම හඳුන්වා දීපු හොලෝග්‍රෑම් තාක්ෂණය. ඒකෙදී සාමාන්‍ය ප්‍රමාණයටම රූපයක් ප්‍රක්ෂේපණය කරන ආකාරයෙක් ගැන කියන්නේ...

      Delete
    4. මේ විස්තරේ දැන ගත්තෙ අදයි. ඒකටත් ස්තුතියි

      Delete
  13. කථාව විතරක නෙවෙයි කමෙන්ට් ටිකත් සෑහෙන්න වටිනව ............. බොහෝම ස්තූති.... මේවගේ දෙයක් ලියපු එකට

    ReplyDelete
    Replies
    1. @ දිනෙල්ක

      ඔන්න තව හොඳ කමෙන්ට්ස් ටිකක් එකතු වෙලා තියෙන්නේ :D

      Delete
  14. දැනගෙන නොහිටි කරුණු ටිකක් හසිත..ස්තුතියි
    ලංකාප්‍රිගේ කතාවට මමත් එකතුවෙනවා..පිළිම වන්දනාව බුදු දහමේ මූලික හරයට පටහැණියි..
    ඒත් ආගමක් සංස්කෘතියක් බවට පත්වෙද්දි මේවායේ බලපෑම වලක්වන්න බැරි අපි හැමෝගෙන නුවණ මට්ටම් සමාන නැති නිසා..

    කොහොමවුනත් මේ ගැන වැදගත් කතිකාවතක් ඇරඹුවාට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ධාතු වන්දනාව, බෝධි වන්දනාව සහ පිළිම වන්දනාව අතර වෙනසක් නම් මට පේන්නේ නැහැ අක්කේ.

      උතුම් ධර්මය අපට හෙළිකරපු බුදුන් වහන්සේට කරන ගරු කිරීමක් විදිහට බුදු පිළිමවලට වන්දනා කරනවා හැරෙන්න බුදු පිළිමවලට වන්දනා කරලා ලෞකික හරි ලෝකෝත්තර හරි බලාපොරොත්තු ඉටුකරගන්න හිතනවා නම් ඒක වැරදියි කියලා මගේ වැටහීම.

      මේ ගැන අක්කාගේ අදහස බලාපොරොත්තුවෙන් ඉන්නේ......

      Delete
  15. මේක උඩින් දාන්න හැදුවෙ හරි ගියේ නෑ.

    …මට නම් නිකන් පිස්සු වගේ.. මක් නිසාද යත්,

    …@සරත් ලංකාප්‍රිය සහෝදරයා..

    …නොදන්න නිසයි අහන්නේ උපගුප්ත තෙරුන්ගේ කතාව සාහිත්‍යමය නිර්මාණයක් පමනක් ද
    …බුදු දහමේ අවසන් ඵලය ලැබූ රහතන් වහන්සේ නමක් මාරයාගේ සහාය පතයි ද

    …එවැනි උතුමකු මාරයා විසින් මැවූ දෘෂ්ටි මායාවක් අබියස පෘථග්ජනයකු සේ හැසිරේද
    …පැහැදිලි කරන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. @ Chandana

      අයියාගේ ප්‍රශ්නෙට උත්තරේ සරත් අයියා කියපු කතාවෙම තියෙනවානේ මෙන්න මේ විදිහට.

      "මම වැන්දේ බුදුපියාණන්ට මිස තමුන්ට නෙවෙයි.වඳින්නේ පිළිමයට නෙවෙයි බුදු පියාණන්ගේ අපරිමිත ගුනසමුදයට ධර්මයට සහ ගුරුතුමාට"

      මම මේ කතාව අහලා තියෙන්නේ ලංකාවේ සිටිය මලියදේව හාමුදුරුවන්ට වුණු සිදුවීමක් විදිහට. අවසානයේදී බුදු රුව දකින මලියදේව හාමුදුරුවන් රහත් තත්වයට පත්වෙනවා...

      Delete
  16. කියල වැඩක් නෑ හසිත. ඔබේ කතාව මෙපමණයි කියා අගේ කරන්න බැහැ. මොකද එම අගේ කිරීම මෙවැනි වටිනා කතාවක් අවතක්සේරු කලා වැන්නක් මසිතට නැගෙන බැවිනි. මෙවැනි කතා ලිවීම මගින් ඔබ වැඩ දෙකක් සලසා ගනු ලබනවා. එකක් ඔබගේ බ්ලොග් එකේ පොස්ට් එකක් විදියට අනෙක ඔබ ආමිස පූජාවන්ගෙන් වඩාත් උතුම්ම පූජාව සියලු දානයන්ට වඩා උතුම්ම දානය. ධර්ම දානය ලබාදී එලොව වඩාත් සලසගනුලබනවා. අගෙයි ඇති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තය

      ස්තුතියි කෝරලේ මහත්තයා. මේ කතා කියවලා ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ තුළින් ප්‍රඥාවට පීවිසෙන්න කට්ටිය පොළොඹවන එක තමා මගේ අරමුණ. මේ කතා තුළම ඉන්නවා නම් වටිනා මැණිකක් පේන්න තියෙද්දීත් ඒක ගන්නේ නැතුව තිරිවානා අල්ල අල්ල ඉන්න පුද්ගලයෙකුට සමාන වෙනවා...

      Delete
  17. හොඳ විස්තර ටිකක්....

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      ස්තුතියි අයියණ්ඩි :)

      Delete
  18. වටින විස්තරයක් .....

    ReplyDelete
    Replies
    1. @ ඔබ නොදු‍ටු ලොවක්

      ඇත්ත ඇත්ත :)

      Delete
  19. ලිපියෙ වගේම කොමෙන්ට් වලත් වැදගත් විස්තර ටිකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      ඇයි අහලා තියෙන ප්‍රශ්නවල වැදගත්කම :)

      Delete
  20. අදත් දන්නෙ නැති දෙයක් ඉගන ගත්තා...

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      හෙටත්, කවදත් මගේ අරමුණ වන්නේද එයයි :)

      Delete
  21. නියම ලිපියක් හසියෝ....... ගොඩක් දේවල් ඉගන ගත්තා.

    ReplyDelete
    Replies
    1. @ මකුළුවා.....

      කාලෙකට පස්සේ නේද අයියණ්ඩි :) ඉතින් ඉතින් කොහොමද වාස දේස ??

      Delete
  22. මම නම් අහලා තියෙන්නේ ඉන්දියාවේ සාරානත්වල තියන විහාරයේ, ඇතුලත තියෙන, බුදු පිලිමය මෛත්‍රී බුදුන් ලෙස මෙලොවට පහල වෙන්ට ඉන්න දෙවියා විසින් ඇවිත් නිර්මාණය කරපුබවක්. හොඳ සටහනක් හසිත.

    තවත් එකක්. අද සිංහල කඩේකදී, මෙල්බර්න් නුවර සිංහල පුවත්පත්ක් වන 'කැඩපතේ' හසිතගේ 'ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳු හැටි' යන ලිපිය පලවෙලා තිබුනු දැක්කා....

    හසිතට මගේ සුබ පැතුම්...:D

    ReplyDelete
    Replies
    1. ඔයා දැක්කේ නැද්ද මගේ පොස්ට් එකකුත් "කැඩපත" සඟරාවේ තිබුනා.හැබැයි මාස ගානකට කලින්.

      Delete
    2. අපරාදේ...දැක්කේ නෑ අනේ. කලින් දැනගෙන හිටියා නම් බලන්ට තිබුනා. :)
      ඔයාටත් මගේ සුබ පැතුම්!!!

      Delete
    3. @ Podi Kumarihami

      මෛත්‍රී බුදුන් විදිහට වගේම මීට පෙරත් බුදු වෙන්න නියමිත බෝධිසත්වයන් අවසන් වරට තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍යරාජයෙක් විදිහට උපත ලබද්දී ලැබෙන නම තමා "සන්තුසිත" දිව්‍ය රාජයා කියන එක. ඒක නිසා මේ වැඩේත් කරලා තියෙන්නේ සන්තුසිත දිව්‍යරාජයා වෙන්න ඕනේ..

      හැබැයි මට ආපු ගැටළුව තමා සාමාන්‍යයෙන් බෞද්ධ සාහිත්‍යයේ ඔය වගේ නිර්මාණයන් කරන්න මනුස්ස ලෝකෙට එන දෙවියා "විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා" නේ....

      සුභ පැතුමට ස්තුතියි. පත්තරේ කරන සාමන්ත මට කිව්වා අගෝස්තු කලාපයේ ඒ ලිපිය පළකළා කියලා. මටත් පිටපතක් එවනවා කිව්වා. ඒක ලැබෙනකම් තමා මම මොකුත් නොකියා හිටියේ..... :)

      Delete
    4. @ අසරණයා

      ඔන්න් මගෙනුත් සුභ පැතුම් අයියණ්ඩි :)

      Delete
    5. මම දඹදිව වන්දනාවේ ගිය වෙලේ බුද්ධගයාවේ පිළිම වහන්සේ ගැන අහන්න ලැබුනේ මෙන්න මෙහෙම කතාවක්.
      මට හරියටම නම් ගම මතකත් නැහැ එත් එක රජ කෙනෙක් බුද්ධගයාව හදන වෙලාවේ පිළිම වහන්සේ නෙලා ගන්නේ කොහොමද කියල කල්පනා කරාලු. මේ වෙලාවේ ආපු මනුස්සයෙක් කිව්වලු එයාට සුවඳ මැටි වර්ගයක් සහ තව ද්‍රව්‍ය ගෙනත්දෙන්න පිළිම වහන්සේ අඹන්න කියල. මේ සියල්ල සැපයුවම කිව්වලු බුදු මැදුරේ දොර වහල මාස 6කින් නැවත අරින්න කියල. මෙහෙම කරාට රජතුමාට සැහෙන්න ප්‍රශ්නයක්ලු මොකද අර මනුස්සය බුදු මදුර ඇතුලේ හදිස්සි අවශ්‍යතාවක් වත් කරගනන් බැහැනේ ඉතින්. කොහොමෙන් කොහොම හරි මාස 3 කට වඩා රජ තුමාට ඉවසගන්න බැරිවෙලා රජතුමා දොර ඇරලා තියනවා. ඇරලා බලනකොට අද ඔය තියන පිළිම වහන්සේ වැඩ හිටියලු. අර මනුස්සය ඉඳල නැහැ. ඔය පිළිම වහන්සේගේ තව නිම කරන්න අවශ්‍ය කොටස් තියනවලු ඒ දේ නිසා තමයි චීවරයක් පොරවල තියෙන්නේ. පස්සෙන් පහුකාලෙක රජතුමාට ඒ මනුස්සය හීනෙන් පෙනිලා කිව්වලු රජතුමා හදිස්සි උනා වැඩි කියල. තමන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් කියල හඳුන්වල දුන්නලු. ඔන්න ඔහොමයි මම දඹදිව දී ඇහුවේ...

      Delete
    6. @ rvajee

      මේක නම් අලුත්ම කතාවක්. මම මීට කලින් මේ කතාව අහලා නැහැ. ස්තුතියි කතාව අපිත් එක්ක බෙදා ගත්තාට. කිව්වත් වගේ බුද්ධගයාවේ තියෙන පිළිමය සිවුරු පෙරවලා තියෙනවා ඇරෙන්න සාමාන්‍ය පිළිමයේ විතරක් ෆොටෝ එකක් නම් මාත් දැකලා නැහැ...

      Delete
  23. කමෙන්ට්ස් වලින් සහ කතාවෙන් තේරුම් ගත්තේ බුදුදහම අද දවසේ පවතිනා තත්වය පිළිබඳවයි. විවිධාකාර මතවාද දර්ශන හරහා බුදුන් අනුදැන වදාළ ලෙසම මේ සියල්ල පරිහානියට පාත්‍රවේගන යනු අපිට ඇස්පනාපිට දර්ශනය වීමට මීටවඩා සාක්ෂි කුමටද?

    කොහොම වෙතත් වටිනා ලිපියක් මලයා.. ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      බුදු දහමේ පරිහානියට හේතු වෙන්නේ බාහිර සාධකවලටත් වඩා අභ්‍යන්තරයේ ඉන්න අය එකතු කරන මතවාද නිසයි කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ මට මතක විදිහට. කොහොම නමුත් කාශව කණ්ඨකයන් දක්වා යන ශාසනයේ පිරිහීමත් ක්‍රමයෙන් වෙන්න ඕනේ දෙයක්. මොකද බුද්ධ ධර්මය කියන එකත් අනිත්‍යතාවයට ලක්වෙන දෙයක් වෙන නිසා

      Delete
  24. හැමදාමත් වගේ අදත් නොදැන හිටපු කාරනාවක් දැන ගත්තා..
    බොහොම පිං..
    ජයවේවා හසිතයියේ..!!!!!!

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      පින අනුමෝදන් කරගනිමි :)

      Delete
  25. Replies
    1. @ ruwan ranasinhe

      ඔබේ පිනත් අනුමෝදන් කරගනිමි :)

      Delete
  26. ඇලෙක්සැන්ඩර් රජතුමා ඉන්දියාවෙ හිමාලෙ දක්වාම අධිරාජයය ව්‍යාප්ත කරාලුනේ. ඒ එක්කම ඔය ග්‍රීක කලාවන් එහෙමත් ඉන්දියාවට ආවලු. ඔය කලා කට්ටිය ඒ දවස්වල කයිය ගහනකොට ඉන්දියාවෙ අවුරුදු සිය ගාණකට කලින් හිටපු මහා පුරුෂයෙක් ගැන කතා ඇදිල ආවලු. එතුමාගේ දර්ශණයේ තිබුණ සිත් ඇදගන්නාසුළුභාවය හින්දම ඒ කලාකාරයෝ හිතුවලු එතුමාගෙ රූපයක් හදන්න. නමුත් කිසිම ගයිඩ් එකක් තිබුණෙ නැති නිසා ඒ රූපය කොටස් කරලා එක එක කොටස සඳහා වඩාත් සුදුසු ලක්ෂණ තියෙන ඇත්ත පුද්ගලයන්ගෙ රූප කොටස් දිසා බලල රූප‍ය හැදුවලු. ඒ කියන්නෙ එතන හිටපු අයගෙන් හොඳම ඇස, හොඳම කට, හොඳම නහය, කන් ව‍ගේ කොටස් තෝරලාලු රූපෙ හැදුවේ. ඒකට ඇන්දුවේ ග්‍රීක ඇඳුමලු.

    ඔය විධියට තමයි බුදු පිලිමයේ ආරම්භය ගැන ඕලෙවල් වලදි කියල දුන්නේ. පස්සෙ කාලෙදි ඒ ඒ රටවල මිනිස්සුන්ට හරියන්න බුදු පිලිමය ලෝකලයිස් වුණානේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොහොමවත්ම පිළිගන්න බෑ.බුදුහාමුදුරුවො තමන්ගෙ සාසනේ 5000ක් කල් පවතින බව දේශනා කලා.බුදුන් සියැසින් දුටු රහතුන් වහන්සේලා හා දෙවිදේවතාවුන් පිළිම අඹන අයට උපදෙස් දුන්නා

      Delete
    2. @ hare :-)

      ඔව් අයියේ ඔයාගේ කතාවත් වෙන්න පුලුවන්. මගධයේ හිටිය නන්දයන්ගේ හමුදා ශක්තිය නිසා ගංගා යමුනා තැන්නට තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න බැරිවුනත් වයඹ දිග ඉන්දියාවේ ප්‍රදේශ දක්වා තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න ඇලෙක්සැන්ඩර්ට පුලුවන් වුණා.

      ග්‍රීක නිර්මාණ ශිල්පයත් එක්ක සම්මිශ්‍රණය වෙලා බුදුරුව නිර්මාණය වෙන එක ඇලෙක්සැන්ඩර්ගේ කාලේ වුනා වෙන්නත් පුලුවන්. ඊට පස්සෙත් දැනට බුදුරුව ගැන සාධක හම්බෙන කණිෂ්කගේ කාසිය ගැන ගත්තොත් කණිෂ්කගේ කුෂාණ රාජධානිය ව්‍යාප්ත් වුණු වයඹ දිග ඉන්දියානු ප්‍රදේශවල ඇලෙක්සැන්ඩර්ගේ කාලේ ග්‍රීක ජනපද තිබුණාය කියනවා. ඒවායේ ආභාෂය ඒ වගේම සේද මාවතට සමීප වුණු නිසා ඒවායේ ආභාෂය බුදු පිළිම නිර්මාණයට ලැබුණා වෙන්න ඕනේ....

      Delete
    3. @ ස්ත්‍රීවාදය

      බුදු සසුන 5000 ක් කල් පවතින බව ත්‍රිපිටක දේශනාවන්ගේ නොමැති බවයි කියන්නේ [මම වැරදි නම් නිවැරදි කරන්න] පසුකාලීනව ලියවුණු අටුවා ග්‍රන්ථවල තමා ඒ ගැන තියෙන්නේ. බුදුන් වහන්සේ සාසන පරිහානිය ගැන කියපු කොටස් අටුවාවලින් විග්‍රහ කරද්දී තමා මට හිතෙන විදිහට නම් අවුරුදු 5000 ක කතාව එන්න ඇත්තේ...

      බුදුන් සියැසින් දුටු අය කී විස්තරත් පාදක කරගෙන බුදුරුව නිමවෙන්න ඇති. ඒත් දැන් තියෙන නානාප්‍රකාර බුදු රූත් එක්ක ඒ රුව මොකක්ද කියලා හඳුනාගන්න බැරි ප්‍රශ්නෙකුයි තියෙන්නේ...

      Delete
    4. මම අහල තියනව භික්ෂුණි ශාසනය පහල වෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාලු භික්ෂුණි ශාසනය ඇති වීමෙන් ශාසනය පවතින කාලය අඩකින් අඩු වෙනවා කියල. උදාහරනයකට දැක්වුවේ බුද්ධ ශාසනය 10000 කල් පවතී නම් එය 5000 කට අඩු වෙනවා කියලලු. මේ දේ වලක්වන්න තමයි අෂ්ට ගරු ධර්ම පනවල තියෙන්නේ. එමගින් එසේ අඩු වීම වැලක්වුවලු. මේ දේ මම අහල තියන දෙයක් මිස සුත්‍ර දේශනාවක නම් අහල නැහැ.

      Delete
    5. @ rvajee

      මාත් එහෙම කතාවක් අහලා තියෙනවා අක්කේ.

      Delete
  27. වැදගත් මාතෘකාවක් හසිත. හොඳ විස්තරයක් වගේ ම මෙහෙම දෙයක් තියෙනවා. බෞද්ධ සාහිත්‍යය කියන එක අපි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන දෙයක්. මොකද ඒක ගොඩක් වෙලාවට ගොඩනැඟිලා තියෙන්නෙ ත්‍රිපිටකයටත් වඩා අටුවා කතා මතයි. මට ඒක හිතුණේ වසර පන්දහසක් කල් සසුන පවතිනවා කියන එක ඇහුවමයි. මම අහලා තියෙන විදියට බුදුරජණන් වහන්සේ දේශනා කළේ අවුරුදු දහසක් සසුන පවතිනවා කියලයි. වසර පන්දහසේ කතාව අටුවා කතා මඟින් අපිට ලැබුණ දෙයක් විදියටයි මම අහලා තියෙන්නෙ. අටුවා කතා කියන්නෙ ධර්මයේ ගැඹුරු තැන් විග්‍රහ කරපු තැන් නේ. එතකොට ඒ තැන්වලට කතෘ අදහස් එකතුවෙලා තිබුණොත් ඒක ලොකු පුදුමයක් නෙවෙයි. උදාහරණයක් විදියට බුද්ධඝෝෂ හාමුදුරුවෝ අරන් බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      බෞද්ධ සාහිත්‍යය ගොඩනගන්න පාදක කරගන්න මූලික කොටසක් තමා මහාවග්ග පාලිය සහ චුල්ල වග්ග පාලිය ඒ වගේමයි විනය පිටකය. ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ කොටස්. අටුවා භාවිතා වෙන්නේ ගැඹුරු ධර්ම කරුණු විස්තර කිරීමක් විදිහටනේ....

      බුදු සසුන 5000 ක් කල් පවතින බව ත්‍රිපිටක දේශනාවන්ගේ නොමැති බවයි කියන්නේ [මම වැරදි නම් නිවැරදි කරන්න] පසුකාලීනව ලියවුණු අටුවා ග්‍රන්ථවල තමා ඒ ගැන තියෙන්නේ. බුදුන් වහන්සේ සාසන පරිහානිය ගැන කියපු කොටස් අටුවාවලින් විග්‍රහ කරද්දී තමා මට හිතෙන විදිහට නම් අවුරුදු 5000 ක කතාව එන්න ඇත්තේ...

      බුද්ධගෝෂ හාමුදුරුවෝ අටුවා රචනා කරන්නේ නැහැනේ. හැබැයි විශුද්ධි මාර්ගය කියලා එක පොතක් නම් ලිව්වා මහා විහාරයේ පරීක්ෂණයට. උන්වහන්සේ කරන්නේ තිබුණු මිහිඳු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් සිංහලෙන් ලාංකික භික්ෂූන් රචනා කරපු හෙළ අටුවා පාලියට පෙරළීම විතරයිනේ...

      අටුවාවලට කතෲ අදහසුත් එකතු වෙන්න පුලුවන් බව හැබෑව. ඒක නිසා ත්‍රිපිටකයත් පාදක කරගෙන ධර්මය තම තම නැණ පමණින් වටහා ගන්න ඕනේ :)

      Delete
  28. වටිනා විස්තර ටිකක්. මට ඉස්සර ඉඳලා තිබුන ප්‍රශ්නයක් මේ බුදුපිළිමය ඇත්තටම බුදුහාමුදුරෝවෝ වගේද නැත්නම් බුද්ධ සාහිත්‍ය එන විදියට මාවගෙන නෙලන ලද්දක ද කියන එක..

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      අයියාගේ ප්‍රශ්නේට ඒ උත්තර දෙකම ගන්න පුලුවන්....

      Delete
  29. මට මේ ලඟදි ඊමේල් එකකින් ආවා ලෝකෙ මුල්ම කැමරාව හදන ෆොටෝ එකක්.. :-)

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ඇත්තම එකක්ද නැත්නම් විහිළුවක් වගේද ??

      Delete
    2. හසිතටත් වැඩේ මීටර් වෙලා නෑ වගේ.. මුල්ම කැමරාව හදන ෆොටෝ එක ගන්න පුලුවන් මොකෙන්ද :-)

      මේ ලෝකයේ මුල්ම බුදු පිළිමය ගැන කියවපුවම මට ඒක මතක් වුනෙ0..

      Delete
    3. @ සෙන්නා

      විනාසයි :D මට නම් ඇත්තටම ඒක මීටර් වුණේ නැහැ. ෆොටෝ එකක් කියන කෑල්ල මට මිස්වුණා. මගේ ඔලුවට ආවේ එක්කෝ ෆොටෝ එකක් හරි චිත්‍රයක් හරි ඒ ජාතියේ ඕනේ එකක් කියලා....

      Delete
  30. මම මේ කතාව අහල තියෙනවා. මොකක්හරි සූත්‍ර දේශනාවක තිබුන වගේ මතකයි.

    පිලිම නෙළිම හැමෝටස කරන්න අපහසු ප්‍රතිමා නිර්මාණ කලාවක්. ඒවගේ දේකින් ලැබෙන අනුසස් ආයෙ කියලා නිම කරන්න හැකියාවක් නැහැ. ඒකුසලයම ඇති මෛත්‍රි බුදුන් දකින්න.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      පිළිම නෙළීම හැමෝටම කරන්න බැරි බව ඇත්ත. ප්‍රතිමා ශිල්පීන්ගේ පිළිගැනීම් වගේම ගැමි විශ්වාසය වෙන්නේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරද්දී ශීර්ෂය වැරදියට නිර්මාණය වුණොත් ප්‍රතිමා ශිල්පියා, කඳ ප්‍රදේශය වැරදියට නිර්මාණය වුණොත් බිරිඳ, දෑත් නම් දරුවන්, පාදයන් නම් ඥාතීනුත් වස් වැදී මියයනවා කියලා

      Delete
  31. godak sthutiyi me lipiyata, mata loku prashnayak ena thanak thamai me Kanishka Rajathumage kasiye Roman characters walin 'Boddo' kiyala liyala thiyena eka, 78-127 AC wala me akuru pawichchi wunada?

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      කණිෂ්කගේ අධිරාජ්‍යය සේද මාවතේ කොටසකුත් අයත් කරගෙන තමා ව්‍යාප්ත වෙලා තිබුණේ. එතකොට සේද මාවත හරහා යන වෙළෙන්දන්ටත් භාවිතා කරන්න පුලුවන් වෙන ආකාරයට කාසියක් කණිෂ්ක නිර්මාණය කරන්න ඇති. උදාහරණයක් විදිහට අපේ කාසිවලත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ....

      Delete
    2. Thanks Hasitha malli, blog ekaka mulinma comment ekak dala eka publish wela answer ekak labune oyagen, ekata godak sathutui..

      mata prashne thibune me roman characters naththam api kauruth danna ingreesi akuru me tharam issara kaleth thibunada kiyala, search ekak dala baluwama roman characters wala ithihasaya 8th century BC walatama yanawa kiyala Wikipedia eke thiyenawa, ehenam ithin 2nd Century AC gana mona kathada :-)? thanks! -- Chaminda

      Delete
    3. @ Chaminda

      ඔයා සතුටු වෙන කාරණය සම්බන්ධව මටත් සතුටුයි අයියා... තමන්ම ගවේෂණය කරන එකත් වටිනවා. මොකද තමන් හොයාගත්තු දෙයක් එතැන තියෙන නිසා තමන්ට ඒකේ වටිනාකම වැඩියි...

      ඉස්සරහටත් මේ පැත්තේ එන්න :)

      Delete
  32. නොවරදවාම මම ඔයාගෙ කතා කියවනව..මම කැමතිම කතා...

    ReplyDelete
    Replies
    1. @ වින්චැට් කිරිල්ලි

      නිත්‍ය පාඨකයන් සිටිනු දැකීම සතුටට කරුණකි :)

      Delete
  33. ලිපිය වගේම කමෙන්ට් බලලා ගොඩක් දේ ඉගෙන ගත්තා හසිත..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      කෑම කද්දී සමහරු ඇඟිලි ලෙවකන්නේ හොඳම හරිය තියෙන්නේ ඇඟිලිවල කියලා. ඒ වගේම මේ කතාවේ හොඳම හරිය තියෙන්නේ කමෙන්ට්ස්වල :D

      Delete
  34. හරි වටින කතාවක් බුදුපිළිම නෙලීම ගැන මේ වැනි දේ පාසල් වල උගන්වන්න ඕන.පිළිම වන්දනාවට එරෙහිව අන්තවාදීන් කතා කරන නිසා

    ReplyDelete
    Replies
    1. @ ස්ත්‍රීවාදය

      පාසල්වල බොහොම සරල දෙයක්නේ බුද්ධ ධර්මය කියලා උගන්වන්නේ. ඊට වඩා ටිකක් හරි හොඳට බුද්ධ ධර්මය ඉගෙන ගෙන්න නම් දහම් පාසල් යන්න ඕනේ. ඒත් ඒකටත් ඉඩක් නෑනේ. ටියුෂන් ක්ලාස් එකේ සර් ඒකට වැට බැඳලානේ :(

      Delete
  35. මේ කථාව මම මීට කලින් කවදාවත් අහලා තිබ්බෙ නෑ... මම හිතාගෙන හිටියෙ බුදුන්ගෙ පරිනිර්වාණයෙන් පස්සෙ බුදු පිළිම නෙලීම ඇරඹෙන්න ඇති කියලා... වටිනා විස්තරයක් හසිත.

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදු පිළිම හැදෙන්න ඇති කිව්වාම මතක් වුණේ. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න ගත්තු රන් පෙට්ටිය ආදාහනය කරලා නිමා වෙද්දී ඒ රත්තරන්වලින් බුදු පිළිම 4 ක් නිර්මාණය වුණාලු.

      ඒ එක් බුදු පිළිමයක් පසුකාලීනව මලියදේව රහතන් වහන්සේ ඉන්දියාවේ ඉදන් සෘද්ධි බලයෙන් ලංකාවට වැඩම කරවලා තියෙනවා. ඒ පිළිමය කොත්මලේ කඩදොර විහාරයේ තැන්පත් කළා කියලා තමා කියවෙන්නේ....

      Delete
  36. මමත් මේ කරුණු නම් දන්නෙම නැති තරම්. ඔයාගේ ලිපි වල කරුණු වලින් දැනුම හුගාක් ලැබෙනවා. ඒ වගේම කමෙන්ට් වලිනුත්.

    ReplyDelete
    Replies
    1. @ malmi

      මේ සේවය ඉදිරියටත් මීටත් වඩා උසස් ආකාරයට :)

      Delete
  37. වෙනදා වගේම නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා..... ස්තූතියි හසිත

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      ස්තුතියි. කොහොමද අලුත් තොටුපළේ විස්තර එහෙම ??

      Delete
    2. දුෂ්කර පළාතක් වුනත් හිතුවාට වඩා ගොඩාක් හොඳයි.. විස්තර නම් ගොඩායි. ඉඩ තියෙන විදියට ඒ ගැන ලියන්නම්කෝ...

      Delete
    3. @ තොටියා

      අපි ඒවා කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ :)

      Delete
  38. ප්‍රථිමා සම්බන්දයෙන් මටත් තියෙන්නේ සරත් ලංකාප්‍රිය අයියට තියෙන මතයමයි.සමහරවිට එයිටත් වඩා එහාට ගිය එකක් කිව්වොත් හරි.බුදුන් පිරිණිවන් පා අවසන්.සියල්ල අනිත්‍යයි යන්න පසක් කරමින් බුදුන් පරිණිර්වානය කළා.ඊට පස්සේ ලෝකයා කළ යුතුව තියෙන්නේ ධාතූන් එක් රැස් කොට ගෙන හෝ අජීවී ප්‍රථිමා තනා ගැනීමෙන් හෝ වැඳ වැඳ හිඳීම නොව, ධර්මය අනුගමනය කරමින් යහ ජීවිතයක් තුලින් නිර්වාණය වෙත ළඟා වීම නොවේද?

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      ආමිෂ පූජාවත් අවශ්‍යයයි. ප්‍රතිපත්ති පූජාවත් අවශ්‍යයි. ඒක නිසා තමා අන්තිමට මම මේ සඳහන එකතු කළේ...

      "මේ ආකාරයේ ආමිෂ පූජාවන්ගෙන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසිලා අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා."

      ධාතු පූජා හෝ ප්‍රතිමා පූජා බැහැර කළ යුතු නැහැ. උතුම් වූ මාර්ගය කියාදුන් ඒ උතුමාට කරන උපහාරයක් වශයෙන් ඒවා කළාම ඇති. ඒ ඇරෙන්න ලෞකික හෝ ලෝකෝත්තර දියුණුවට ඒවා කරනවා නම් නිෂ්ඵලයි. අනික ඒවාම විතරක් කරලා හරියන්නේත් නැහැ. කලිනුත් කිව්වා වගේ ප්‍රතිපත්ති පූජාවටත් එන්න ඕනේ.

      තමන්ගේ විමුක්තිය තමන් සතුයි කියලා බුදුහාමුදුරුවන්මයි කිව්වේ....

      Delete
  39. හසිත සර් ම ඉන්න ඕනි මේව ගැන අපිට කියල දෙන්න.
    බොහොම පින් අයියේ!!
    පෝස්ට් වලිනුයි කමෙන්ට් වලිනුයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      කමෙන්ට්ස්වල හොඳම හරිය තියෙන්නේ දැන්. ආයි පාරක් කමෙන්ට්ස් ටික කියවලා බලන්න :D

      Delete
  40. හැම දාම එකම කාරනයක්නෙ අපි හසිතගෙ පෝස්ට් එක බලල කියන්නෙ.අද වෙන කාරනයක් අහන්නද..?(පිං සිදු වේවා කියල)
    බුදු පිලිම නෙලන අයට ඒවාට අධාර දෙන අයට ලැබෙන ආනිසංස කීවානෙ.
    ඇයි පිලිම ගෙවල්.., ඒව හදන අයට මොනවගේ ආනිසංසද ලැබෙන්නේ..! ඒ ගැනත් දැනගන්න කැමතියි , මොකද මම මේවෙනකොට අපේ පැත්තෙ තියෙන පන්සල්,පාසල් කිහිපයකම පිලිම ගෙවල් වලට සැලසුම් ඇඳල දීල තියෙනව. :))

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      පිළිම ගෙවල් හදන අයට ලැබෙන්නේ මොන වගේ ආනිශංසයක්ද කියන එක නම් මට හරියටම කියන්නේ බැහැ. ඒත් දන්න කියන ටිකක් කියන්නම්. බුදු පිළිම කරවන අයට අට මහා කුසලයන්ගෙන් එකක් වෙනවා නම් ඒ පිළිමය නිරුපද්‍රිතව තියන්න ගෙයක් කරවන අයටත් ලොකු කුසලයක් වෙන්න ඕනේ... ඒ වගේමයි ඒ පිළිමගෙය නිසා වන්දනාකරුවන්ට අව් වැසිවලින් බේරිලා වන්දනා කරන්න ඉඩකඩ ලැබෙන නිසා ඒකත් හැමදාම පිං වැඩෙන කුසල කර්මයක්....

      Delete
  41. නියමයි සහොදරයා.....මමත් හැමදාම මෙ පැත්තෙ එනවා. කොමෙන්ට් කරෙ නැතිඋනාට. මොකද මට සින්හලෙන් ලියන්න ටිකක්, ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි. හැමදාම ආසාවෙන් කියවනවා. ස්තුතියි!!!!!

    ReplyDelete
    Replies
    1. @ sujiya

      ඔබේ පැමිණීම අද වගේම හෙටත් මට ලොකු ශක්තියක් වේවි. ස්තුතියි :)

      Delete
    2. සිංහලෙන් පහසුවෙන් ලියන්න මෙතනට යන්න...
      http://www.google.com/transliterate/

      Delete
  42. කාලීන වටිනා ලිපියක් .. කමෙන්ට් ටිකත් ඔක්කොම කියෙව්වා..
    ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට වැඩි තැනක් දෙන්න තමයි මමත් කැමති... නමුත් ප්‍රතිපත්ති පූජාව තමා වඩා හොඳ කියල ආමිෂ පූජාව අත් හැරලා දෙකම නොකරගන්නවට වඩා දෙකම කරගන යන එක වඩා හොඳයි කියලයි හිතෙන්නේ .. අනික ප්‍රතිපත්ති මාර්ගයේ හරියට යන්නේ කීයෙන් කීදෙනාද ... දැන් කීවොත් ඔය ඔක්කොම අත ඇරලා දාල නිවන් දකින්න ප්‍රතිපත්ති පුරන්න එන්න කියල කි දෙනෙක් එයිද ? ප්‍රතිපත්ති මගේම යන අය බ්ලොග් බල බල ඉන්නෙත් නැහැ නේ :) ඉතින් අපි වගේ (ප්‍රතිපත්තියේ වටිනාකම දැන දැන තව තවත් අතැරලා යන්නේ නැතිව ප්‍රමාද වෙන ) අයට ආමිශයේ පිහිටත් අවශ්‍යමයි... හැබැයි එකෙන් විතරක් නිවන්න යන්න හිතන් ඉන්නවනම් ඉතින් sorry තමයි. :)

    ඔයාගේ ලිපි කියවන්න එන්න ඕනේ ටිකක් පරක්කු වෙලා... එතකොට තමයි ගොඩක් දේවල් එකතුවෙලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      වටිනා කියන කතා කීපයක්ම ඔයා කියලා තියෙනවා. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සම සමව තිබුණාම හොඳයි කියන එක මාත් පිළිගන්නවා...

      ආහ් ලිපි කියවන්න පරක්කු වෙලා එන එක හොඳා. කාපුවාම හොඳම හරිය ඇඟිලිවල වගේ "හොඳම හරිය කමෙන්ට්ස්වල" :D

      Delete
  43. හසිත මල්ලී.. ලංකාවෙත් බුද්ධ රූප හදපු ඒක ගැන කතා තියෙනවා නේද? රුවන්වැලිසෑය හදනකොට ඒක ඇතුලේ බුද්ධ රූපයක් තැන්පත් කළා වගේ කතාවක් මතකයි. ඒක එහෙමද?

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      දුටුගැමුණු රජතුමා රුවන්මැලි සෑ ධාතු ගර්භයේ බුදු පිළිමය තැන්පත් කරවීමේ සිද්ධියටත් කලින් බුදු පිළිම හැදුවා කියන්න සාහිත්‍යය මූලාශ්‍රය කරුණු දක්වනවා. දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ උරුසිලා පටිමා නමින් බුද්ධ ප්‍රතිමාවක් පිහිටවූ බව මහාවංසය දක්වනවා.

      ඒකෙන් පැහැදිලි වෙන්නේ ලංකාවට බුදු දහම පැමිණි මුල් කාලයේ ඉදන්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළා කියන එක. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ අනුරාධපුර සමාධි ප්‍රතිමාව තමා මේ "උරුසිලා පටිමා" කියලා හැඳින්වුවේ කියලා.

      ඒ හැරෙන්න කාවන්තිස්ස රජතුමා සේරුවාවිල සෑයේ ලලාට ධාතුව නිධන් කරද්දී බුද්ධ ප්‍රතිමාවක් ධාතු ගර්භයේ කරවලා ලලාට ධාතුව ඒ පිළිමයේ නළලේ තැන්පත් කළ බව ධාතුවංසයේ කියවෙනවා.

      ඒ කොහොම නමුත් පුරාවිද්‍යාඥයන් මේ වනවිට හොයාගෙන පැරණිම බුද්ධ ප්‍රතිමාව විදිහට සළකන්නේ අනුරාධපුර මහ ඉලුප්පල්ලමෙන් හම්බුණු හිටි බුදු පිළිමයක්...

      Delete
    2. @ Hasitha බොහොම පින්! තව ප්‍රශ්නයක්...

      ථූපාරාමයේ ඉදි කළා කියන බුදු පිළිමය ගැන මහා වංශයේ තියෙන්නේ ගොඩාක් පස්සේ තැනක නේද? මම මහාචාර්ය කුලතුංගගේ "ශ්‍රී ලංකාවේ ස්තූපය" පොතේ එහෙම එකක් කියෙව්වා. මගේ ළඟ දැන් මහාවංශයක් නෑ එක බලා ගන්න...
      මහා ඉලුප්පල්ලම ප්‍රතිමාව කොච්චර පරණ එකක්ද?

      Delete
    3. @ Chamara Sumanapala

      ඔව් අයියා. ඒක තියෙන්නේ මහාවංසයේ 36 වන පරිච්ඡේදයේ 128,129 ගාථාවල. ඒකේ කියන්නේ දෙවන පෑතිස් රජතුමා ථූපාරම විහාරයේ පිහිටවපු උරුසිලා ප්‍රතිමාව ජෙට්ඨතිස්ස රජතුමා තමන් කරවපු ප්‍රාචීන තිස්ස පබ්බතාරාමයට අරගෙන ගියා කියලා.

      මහ ඉලුප්පල්ලම ප්‍රතිමාවේ ස්වභාවය වගේම ඒක අමරාවතී සම්ප්‍රදාය දරන නිසා අනුමාන කරන්නේ ක්‍රි.ව 2-3 සියවස්වල නිර්මාණය කරන්න ඇතියි කියලා..

      Delete
    4. @ Hasitha

      අනේ මන්දා.. මගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ වගේ.... ඉවසා වදාරලා මට මේකත් කියා දෙන්ටකෝ...

      පලවෙනි ප්‍රශ්නය නම් ගොන් එකක් වෙන්නත් පුළුවනි. :-) උරුසිලා ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක්මයි කියල හරියටම කියන්නේ කොහොමද? එයට සාධක මොනවාද?

      අනික, අව්කන ප්‍රතිමාව හැදුවේ කොයි කාලේ කියලද කියන්නේ? එයට වෙනත් රටක සම්ප්‍රදාය බලපාල තියෙනවාද?

      මට පෞද්ගලිකව හිතෙනවා බුද්ධ ප්‍රතිමා කලාව ලංකාවේදී ඇති වෙන්න ඉඩ තිබුනා කියලා. ඒ ගැන කව්රු හරි අදහසක් ඉදිරිපත් කරලා තියෙනවාද? අපිට කියල දීලා තියෙන්නේ ඔක්කොම දේවල් ඉන්දියාවෙන් මෙහාට ආව විදියට නේ. ඔකේ අනිත් පැත්ත වුනා වෙන්න බැරිද? තවම පුරාවිද්‍යා සාධක නැති නිසා හරියටම කියන්න බැරි වුනාට සාහිත්‍යයේ සාධක තියෙනවා නේද? (අපි මේ කමෙන්ට්වල කතා වුනා වගේ)

      Delete
    5. @ Chamara Sumanapala

      මම කලිනුත් කිව්වා වගේ මහාවංසයේ දක්වන්නේ දෙවනපෑතිස් රජතුමා ථූපාරාමයේ පිහිටුවන ලද "මනා දැකුම්කළු වූ සෙල්මුවා මහ පිළිමය" ජෙට්ඨතිස්ස රජතුමා තමන් කරවපු පාචීන තිස්ස පබ්බතාරාමයට ගෙනගියා කියලා.

      ඒ කොටසට කලින් කියනවා රජතුමා පාචීන තිස්ස පබ්බතාරාමය කරවලා භික්ෂූන්ට පිදුවා කියලා.

      ඒ කරුණු එක්ක පැහැදිලියි රජතුමා අලුතෙන්ම කරවපු පාචීන තිස්ස පබ්බතාරාමයේ වන්දනා කටයුතුවලට පූජනීය වස්තුවක් අවශ්‍ය වුණා කියන එක. එතකොට අලුතෙන් එකක් කරවනවා හෝ පරණ එකක් ලබාගැනීම කරන්න ඕනේ.

      ඒ දෙකෙන් වඩා පහසු දෙවැන්න නිසා ඒ වෙද්දිත් අවුරුදු 400 කට කිට්ටු වෙන්න පරණ ප්‍රතිමාවක් වෙන ථූපාරාමයේ තිබුණු ප්‍රතිමාව පාචීන තිස්ස පබ්බතාරාමයට ගෙන ආපු බව හිතන්න පුලුවන්.

      ථූපාරාමයේ දෙවන පෑතිස් රජතුමා කරවපු පිළිමයක් ගැන කියනවා නම් ඒක බුදු පිළිමයක්ම වෙන්න ඕනේ. මොකද ඒ කාලේ බෝසත් වන්දනාවක් සිදුවුනෙත් නැති නිසා.

      එ වගේමයි සිලාමය මුනින්ද වගේ සඳහනුත් සාහිත්‍ය මූලාශ්‍රයවලින් ලැබිලා තියෙනවා. ඒකත් එක්ක තමා නිගමනයකට එන්නේ විශාල ගලින් කළ බුද්ධ ප්‍රතිමාවක් අනුරාධපුරයේ මුල් කාලයේ ඉදන්ම තියෙන්න ඇති කියලා. ඒක තමා ජෙට්ඨතිස්ස රජතුමා පාචීන තිස්ස පබ්බතාරාමයට ගේන්න ඇත්තේ කියලා.

      අවුකන පිළිමය කරවන්නේ ධාතුසේන රජ සමයේ. ඒ කියන්නේ ක්‍රි.ව 453-473 වගේ කාලයේදී. බුදු පිළිමයේ ප්‍රධාන සම්ප්‍රදායන් වෙන මථුරා වගේම ගාන්ධාර සම්ප්‍රදායන් දෙකම මේ සඳහා එකතු වෙලා නිසා "ආන්ද්‍රා/ අමරාවතී" සම්ප්‍රදායට තමා අවුකන පිළිමය අයත් වෙන්නේ.

      මම දන්න තරමින් නම් බුදු පිළිමය ලංකාවේ ඇතිවුණා කියලා අදහසක් ඉදිරිපත් වෙලා නැහැ. ඒත් එහෙම වෙන්න බැරිකමකුත් නැහැ.

      ඉන්දියාවේ කණිෂ්ක සමයේදී ප්‍රථම වරට බුදු රුව නිරූපණය වෙන්නේ ක්‍රි.ව 78-127 කාලයේදී. ඒත් ලංකාවේ මහාවංසය, ධාතුවංසය කියන කෘතිවලට අනුව බලද්දී ඊට වසට සිය ගාණකට කලින් ලංකාවේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙනවා...

      Delete
    6. @ Hasitha

      හරි... දැන් ගොඩක් දේවල් පැහැදිලියි. සමාධි පිළිමය දේවානම්පියතිස්ස රජතුමා කරවපු එක කියලා අනුමාන කරනවා නම් ඒක ඉන්දියාවේ බුදු පිළිම සම්ප්‍රදායන් එකකටවත් වැඩිය වෙනස් වෙන්න ඕනේ නේද? ඒක එහෙම නම් ඒ ගැන හරියට බැලුවොත් බුදු පිළිම කලාව ලංකාවේ අරම්බුනාද කියල හොයාගන්න බැරිද?
      සමාධි පිළිමය තියෙන්නේ අභයගිරිය ළඟ නේද? අභයගිරිය මහා විහාරය එක්ක එච්චර හොඳ නෑ නේ. ඔච්චර පූජනීය වස්තුවක් එහෙට ගෙනියපු රජෙක්‌ ගැන මහාවංශය එහෙම සඳහනක් කරයිද?

      අපි කව්රුත් දන්නා සමාධි පිළිමය ඇරෙන්න තවත් එව්වා තියෙනවා නේ. ඒවා ඔය සම්ප්‍රදායට අයිති නැද්ද? එහෙම නම් ඇයි අපි දන්නා පිළිමය දෙවනපෑතිස් රජුගේ කාලේ එකක් වෙන්න පුළුවන් කියන්නේ?

      Delete
    7. @ Chamara Sumanapala

      "සමාධි පිළිමය දේවානම්පියතිස්ස රජතුමා කරවපු එක කියලා අනුමාන කරනවා නම් ඒක ඉන්දියාවේ බුදු පිළිම සම්ප්‍රදායන් එකකටවත් වැඩිය වෙනස් වෙන්න ඕනේ නේද?"

      සමාධි පිළිමය දෙවන පෑතිස් රජතුමා කරවූ උරුසිලා පටිමා කියන එක වෙන්න ඇති කියන එක අනුමානයක් විතරයිනේ. සමාධි පිළිමයේ සම්ප්‍රදාය විදිහට දක්වන්නේ මථුරා සම්ප්‍රදාය. ඒක නිසා බුදු පිළිම කලාව ලංකාවේ ඇරඹුණාද කියන එක තවදුරටත් සොයා බැලිය යුතු කාරණයක්.

      කෝකටත් පුලුවන් කමක තියෙනවා නම් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ලියපු බුදු පිළිමය පොත කියවලා බලන්න අයියේ. හුඟක් කරුණු කාරණා ඒකේ කතා කරලා තියෙනවා.

      "සමාධි පිළිමය තියෙන්නේ අභයගිරිය ළඟ නේද? අභයගිරිය මහා විහාරය එක්ක එච්චර හොඳ නෑ නේ. ඔච්චර පූජනීය වස්තුවක් එහෙට ගෙනියපු රජෙක්‌ ගැන මහාවංශය එහෙම සඳහනක් කරයිද?"

      එහෙම දෙයක් නැහැ අයියා. අභයගිරි මහා විහාර අතර භේදයක් තිබුණා තමා. ඒ වගේමයි මහාවංසය සමහර වෙලාවට අන්තගාමී වීම උපරිම විදිහටත් දැකගන්න පුලුවන්. ඒත් මේ කරුණ නම් මහාවංසයේ ලියවිලා තියෙන්නේ. තමන්ට තිබුණු පූජනීය වස්තුවක් අභයගිරිය පැහැර ගත්තා කියලා කියන්න ඕනේ කියන අදහසින් මේ ගැන ලියවුණා වෙන්නත් පුලුවන්.

      "අපි කව්රුත් දන්නා සමාධි පිළිමය ඇරෙන්න තවත් එව්වා තියෙනවා නේ. ඒවා ඔය සම්ප්‍රදායට අයිති නැද්ද?"

      ඔය සම්ප්‍රදාය කිව්වේ ???

      "එහෙම නම් ඇයි අපි දන්නා පිළිමය දෙවනපෑතිස් රජුගේ කාලේ එකක් වෙන්න පුළුවන් කියන්නේ?"

      මේ කොටස පැහැදිලි මදි.

      Delete
    8. අපි දන්නා සමාධි පිළිමය හදලා තියෙන සම්ප්‍රදායටමද අනික් එව්වත් හදලා තියෙන්නේ? එහෙම නම් ඒ ඔක්කොම දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ වැඩක් ද? කියන එකයි මට දැනගන්න ඕන වුනේ. අනුමානයක් වුනත් අහේතුකව කරන්නේ නෑ නේද? එහෙම අනුමාන කරන්න හේතුවක් ඇති නේ.

      මථුරා සම්ප්‍රදාය එකේ දකින්න තියෙනවා නම්, ඒවා හැදුවේ දෙවනපෑතිස් රජ සමයේ කියලා හරියටම නිගමනය කරන්න පුළුවන් වුනොත්, බුදු පිළිම කලාව ලංකාවේ ඇති වුනා කියලා හිතන්න පුළුවන් වෙයි.

      චන්ද්‍රා වික්‍රමගමගේ මහාචාර්යතුමාගේ පොත ප්‍රකාශනය කරලා තියෙන්නේ කව්ද කියලා මතකයි නම් කියනවාද?

      Thank you වේවා!

      Delete
    9. @ Chamara Sumanapala

      සමාධි පිළිමය මථුරා සම්ප්‍රදායට අයිතියි කියලා තමා නිගමනය කරන්නේ. මථුරා සම්ප්‍රදායට අයත් තවත් පිළිමයක් තමා දැනට ජාතික කෞතුකාගාරයේ තිබෙන තොලුවිල ප්‍රතිමාව. ඒ වගේම දෙවෙනි සමාධි පිළිමය නමින් සමාධි පිළිමයට අතිශයින් සමාන තවත් ප්‍රතිමාවක් අනුරාධපුර පූජා නගරේයේම තියෙනවා. ඒවා සියල්ලම මථුරා සම්ප්‍රාදායට අයත් පිළිම.

      සම්ප්‍රදාය සමාන වුණත් මේ බුදු පිළිම එකම කාලවල ඉදි කරපුවා නෙමේ කියලා තමා නිගමනය කරලා තියෙන්නේ. සමාධි පිළිමය ක්‍රි.ව 4 සියවසෙත් තොලුවිල පිළිමය ක්‍රි.ව 6-7 ත් අතර කරවන්න ඇතියි කියලා තමා නිගමනය කරලා තියෙන්නේ.

      මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ලියපු පොත නම් කාගේ ප්‍රකාශනයක්ද කියලා නම් දන්නේ නැහැ අයියා. මොකද මාත් ඒ පොත දැකලා තියෙනවා මිස තවම කියවලා නම් නැහැ...

      Delete
    10. එහෙමනම් ඒ පිළිමය දේවානම්පියතිස්ස රජතුමා කරපු එක හෝ ජෙට්ටතිස්ස රජතුමා අරන් ගියපු එක වෙන්න බෑ නේ? ජෙට්ටතිස්ස රජතුමාත් හිටියේ තුන්වන සියවසේ නේ... කොහොම හරි ඔන්න හසිත, ඔයාට පුළුවන් වුනොත් මේ ගැන අලුත් දෙයක් හොයාගන්න ඔයා තමයි හපනා.

      ගොඩක් පින් මේ ටික කියලා දුන්නාට. මම පුළුවන් වුනොත් අර පොත ගන්නම් සල්ලි වලට. ගොඩක්ම ලොකු ගානක් නෙවෙයි නම්...

      Delete
    11. @ Chamara Sumanapala

      ඒ අනුමානයක් විතරයිනේ අයියා. කොහොම නමුත් බුදු සමය පැමිණි මුල් කාලයේ ඉදන්ම බුදු පිළිම ලංකාවේ නිර්මාණය කළා කියලා හිතන්න උපකාරී වෙනවා දෙවන පෑතිස් සමයේ ඉදලාම බුදු පිළිම නිර්මාණය කළාය කියන කතාව.

      බලමු බලමු අලුත් යමක් හොයා ගන්න පුලුවන් වේවිද කියලා :)

      පොතේ ගාන ගැන නම් අදහසක් නැහැ අයියා. ටිකක් ලොකු ගාණක් වෙයි මයේ හිතේ

      Delete
  44. සේරුවිල චෛත්‍ය වන්දනා කරන ගාථාව සහ තේරුම කුමක්ද?
    from Australia
    thank you very much

    ReplyDelete
  45. හසිත මහත්මා ඉතාමත් ම අගේ කරනවා ඔබතුමාගේ මෙම සේවය බොහොම පිං ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සුත්‍රයේදි වඩාත් පැහැදිලි කරනවා යමෙක් තමන්වනහන්සේ අරමුනු කරගෙන යම් පුද පුජාවන් සිදු කරයිනම් එවා සියල්ලම ඔවුන්ට බොහොම කාලයක් හිතසුව පිනිසම පවතින බව. ඉතිං මේ තුන්ලෝකයේ අසහාය සහාය යම් මුණිවරයෙක් සිටියේ නම් එ සම්බුදු පියාණන් වහන්සේමය. ⁣සුදත්ත සුත්‍රය එහෙම ඉතාමත්ම වටිනා නිදසුන් වනවා "" එකසස පදවිති හාරසස කලං නාගනති සොලසිං"" බුදුරජාණන් වහන්සේ වදින්න තබන එක පාදයක් ඇතුන් ලක්ෂයක් අස්වයෝ ලක්ෂයක් මනාවට රනින් කල අස්ව රථ ලක්ෂයක් මැණික්ක වලින් සැරසු කන්‍යාවියන් ලක්ෂයක් ආදි මහත් පුජාවක් යමෙක් කරන්නේ නම් එම පින 16කට බෙදුවොත් එයින් 01 කලාවක් වත් වටින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න තියෙන පාදයේ ආනිසංස වලට ඉතිං සැදැහැවතුන්ට වන්දනා කරගන්නට බුදු රුවක් නෙලීම ගැන කවරකතාද..? 🙏 තෙරුවන් සරණයි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................