
මේ දවස් ටිකේ ටිකක් වැඩ කටයුතු වැඩියි. ඒ Campus එකේ අපේ දෙවෙනි අවුරුද්ද පටන් ගත්තා නිසා. මම ඉතිහාසය විශේෂවේදී උපාධියක් කරන්න set වෙලා තියෙන්නේ. ඒ ගැනත් මම කතා වගයක් කලින් post එකෙන් කිව්වානේ :) මේ වැඩත් එක්ක මට මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි මේ කතාව කියන්න හිතුණේ.
ගිය සතියේ මම Campus ගිහින් හැන්දෑවේ ගෙදර එද්දී නංගී කොම්පියුටර් රාජයා ඉස්සරහට වෙලා මොනවද කොට කොට ඉන්නවා. මම බැලුවා නංගි මොකද කරන්නේ කියලා. බැලින්නම් එයාට ඉස්කෝලෙන් දීලා ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කීපෙක list එකක්. ඒවා නිර්මාණය කරපු අයගේ නම් හොයන් එන්න කියලා.

ළමයා internet එකෙන් වේදිකා නාට්‍යවල නම් type කර කර ඒවායේ අධ්යක්ෂවරු හොයනවා. මම බැලුවා හොයා ගත්තු ටික. ඒවායෙත් දෙක තුනක් වැරදියි. තව එහෙම් පිටින්ම 10 ක් විතර හොයා ගන්නත් තියෙනවා.
මම මුලින්ම වැරදි ටික හදලා මම දන්න ඒවා ටිකත් ලිව්වා. මමත් O/L වලට කලේ නාට්‍ය හා රංග කලාව. අනික මාත් ඔය වේදිකා නාට්‍ය බලන්න එහෙම කැමතියි කියලා දවසක් කිව්වා මතකනේ
පස්සේ ඉතින් නංගි මට කිව්වා "පොඩි අයියේ ඉතුරු ටිකත් හොයලා දෙන්නකෝ" කියලා.
මාත් ඉතින් මේ ගේමට බැස්සා ඉතුරු නම් ටිකත් හොයා දෙන්න. මාත් ඉතින් මුලින් නම් type කරලා හොයලා බැරිම තැන විකිපීඩියාවට ගිහින් කියල එහෙට මෙහෙට search කරලා බැලුවා. ප්‍රතිඵලයක් නැහැ. පස්සේ සිංහල විකිපීඩියාවට ගිහිනුත් බැලුවා. ඒත් වැඩක් නැහැ.

ඒත් තව ඉතුරුයි. අන්තිමටම කළේ youtube එකෙන් ඒ නාට්‍යවල video clips හොයාගෙන ඒවා play කරලා බලපු එක. මොකද නාට්‍ය play වෙන්න කලින් ඒකේ විස්තර දාන නිසා. ඒ විදිහට කොහොමින් කොහොම හරි ඔක්කොම ටික හොයා ගත්තා.
මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණේ සිංහල වේදිකා නාට්‍ය ගැන සිංහල විකියේ ලිපියක් තිබ්බා නම් හුඟාක් ලේසියට වැඩේ කරගන්න තිබුණා නේද කියලා. සිංහල බ්ලොග්කරණය හුඟාක් ජනප්‍රිය වෙලා තියෙන කාලෙක සිංහල විකියේ පරාසය පුළුල් කරන එක ඇත්තටම කළ යුත්තක්.
මේ ගැන අප අතරින් වෙන්වුණු හිතවත් බ්ලොග්කරුවෙක් වුණු කුමුදු පින්තු මහත්මයාත් ඒ දවස්වල කතා කරලා තිබුණා.
මමත් මම දන්න විදිහට සිංහල විකියේ තිබුණු කැලණිය විශ්වවිද්‍යාලය ගැන තියෙන ලිපිය අළුත් කරුණු එකතු කරලා සංශෝධන කළා.
ලිපිය බලන්න කැමති නම් මෙතන කොටන්න

ප.ලි.: මේ post එක ලියන්න පටන් ගත්තේ ගිය සිකුරාදා. කොහොමින් කොහොම හරි අද තමා ලියලා ඉවර කරගන්න පුලුවන් වුනේ :))
වැදගත් වැඩක්.
ReplyDeleteනියම වැඩක් තමන් දන්නා දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එක ගොඩක් වටිනවා.
ReplyDeleteකරන්න පුලුවන්නම්, ඇත්තටම හැමෝටම වැදගත් වෙන දෙයක්.
ReplyDeleteඅපූරුයි... දිගටම ලියන්න ඔබට ජය..!!
ReplyDelete~~සිoහල වීඩියෝ ගීත එකතුව~~ගීත වීඩියෝ නරඹන්න,ගීත වීඩියෝ නරඹන්න, සින්හල අපේ සින්දු , සින්හල සින්දු , ගීත නොමිලයේ බාගත කරන්න ගීත නොමිලයේ බාගත කරන්න
සින්හල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න.... ක්ලික් කොරලම බැලුවනන්
එල කිරිzz
ReplyDeletegood work malli!
ReplyDeleteසිංහල විකිය දියුණු කරන්න කට්ටිය නැති එක තමා මේකට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ...
ReplyDeleteඅපේ බ්ලොග් දැවැන්තයෙක් වන බිඟුවා අයියා මේ දවස් වල විකිය ගොඩ දාන්න ෆුල් ගේමක් දෙනවා..
මටත් කථා කළා.. ඒත් මම ආටිකල් ලියන්න දන්නැති නිසා තාවකාලිකව ප්‍රතික්ෂේප කළා..
ඒක නිසා මම ටික දවසක් වික්ෂණරියේ හිටියා "http://goo.gl/hWZFf"
පුළුවන් අය මේ දෙකෙන් එකකටවත් සෙට් වෙන්න...
ජය වේවා...!!
Praසන්ன,
ReplyDeleteමධුරංග,
පිණිබිඳු...,
Admin,
Hasitha ජයසූරිය,
ඉන්දික උපශාන්ත,
සෝරෝ
හැමෝගෙම අදහස්වලට ස්තුතියි. සෝරෝ කිව්ව වැඩේ බලන්න ඕනේ :)
harima wadagath wadak... mama O/L & A/L walath karapu subject1k tama Natya ha Rangakalawa hondai hondai karanna mat danna deyak thiyenawanam help karannam........
ReplyDeletesashi
Sashi
ReplyDeleteතැන්කු වේවා ළමයා. මොකක් හරි උදව්වක් ඕනේ වුනොත් මම ඔයාටත් කියන්නම් :)
Very niice post
ReplyDelete