කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු සමාජය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා.
උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ඒ වගේමයි සමහර භික්ෂූන් ඒ කාලේ දිසාවේ පදවි පවා දරලා තිබෙනවා.
ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක තමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ඇවෑමෙන් එතුමාගේ අග බිසවගේ සොහොයුරා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ.
උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා.
සියම් රට
ඒ අනුව වැලිවිට සරණංකර සාමණේරයන්ගේ උපදෙස් පරිදි 1750 දී විල්බාගෙදරරාලගේ නායකත්වයෙන් දූත පිරිසක් සියම් රටට යවලා සියම් රටෙන් උපසම්පදා විනය කර්මය සිදුකරන්න භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙරටට වැඩම කරවනවා.
උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් රටෙන් වැඩම කළ මහ තෙරවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1753 ඇසළ පොහොය දිනයේදී ලංකාවේ නැවත වරක් උපසම්පදා විනය කර්මය සිදු කරනවා. ඒ යටතේ වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් උපසම්පදාව ලබාගන්නවා.
ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් සරණංකර හිමියන්ගේ ඉටු කරපු කාර්යය අගය කරන්න වගේම ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලනය කරන්න සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමනවා. ඒ වගේමයි ඊට පස්සෙත් සංඝරාජ හිමියන්ගේ උපදෙස් පරිදි වෙහෙර විහාර රාශියක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරවනවා
අද කතාවත් එක්ක සම්බන්ධ වෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සමය වැළඳගෙන හිටියත් තමන්ගේ මුල් ආගම වුණු හින්දු ආගමේ චාරිත්‍ර අත්හැරිය බවක් පේන්න තිබුණේ නැහැ.
ඒක ඉතා හොඳින් අනික් අයටත් දැකගන්න පුලුවන් වුණේ රජතුමා සිරිත් පරිදි දිනපතාම ශුද්ධ වූ අළු ආලේප කරගෙන රාජ සභාවට පැමිණෙන එකෙන්. මේ සම්බන්ධව සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කීප වරක්ම රජතුමාට අවවාද කරපු බවත් කියවෙනවා.
මේ විදිහට රජතුමා හින්දු චාරිත්‍රවලට ඇබ්බැහි වුණු නිසා රජතුමාට විරුද්ධව රජතුමා මරා දමන්න කුමන්ත්‍රණය කෙරුණු බව තමා ශාසනාවතීර්ණ වර්ණනාව කෘතිය කියන්නේ. අවසන් ප්‍රතිඵලය වුණේ 1760 දී රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය දියත් වුණු එක.
මේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණේ රජතුමාගේ දෙවෙනි අදිකාරම්වරයා වුණු සමනක්කොඩි. මෙවැනි කුමන්ත්‍රණයක් කරන්න ඔහු පෙළඹුනේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලයේ ඔහුට තිබුණු බලය හා පිළිගැනීම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී නොතිබුණු නිසා.
ඒ හැරෙන්න රජතුමාගේ බත් වඩන නිලමේ වුණු මොලදණ්ඩේත් කුමන්ත්‍රණයේ මූලිකයෙක්. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වුණේ රජතුමාව මරා දාලා ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට උපසම්පදාව පිහිටුවන්න ආපු භික්ෂු කණ්ඩායමක පැවිදි වෙලා හිටිය සියම් රාජ කුමාරයෙක්ව රාජ්‍යත්වයට පත් කරන එක.
රජතුමාව මරා දමන සැලැස්ම ක්‍රියාත්මක වුණේ මේ විදිහට. ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට වැඩම කරලා හිටිය විදර්ශනාචාරී භික්ෂූන් වහන්සේ නමක්ගේ මල්වතු විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න එන්න කියලා මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවන් වුණු මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් රජතුමාට ආරාධනා කළා.
රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.
මල්වතු මහා විහාරය
රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.
මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා. ඒක අපහසු නොවෙන්නේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් වුණු නිසා. මල්වතු මහ නාහිමියන් හරහා මේ කුමන්ත්‍රණය ගැන සරණංකර සංඝරාජ හාමුදුරුවන්වත් දැනුවත් කරන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුලුවන්
ඒත් මේ සැලැස්ම අස්ගිරි විහාරයේ හිටිය යටවත්තේ නම් භික්ෂූන් වහන්සේට දැනගන්න ලැබුණා . උන්වහන්සේ කළේ මේ ගැන රජ ගෙදර හිටිය ගෝපාල මුදියන්සේ කියන රජතුමාට හිතවත් නිලධාරියාට දැනුම් දීපු එක. පස්සේ ගෝපාල මුදියන්සේ හරහා මේ ගැන රජතුමාටත් ආරංචි වෙනවා.
රජතුමා කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ධර්ම දේශනා පිංකමට සහභාගි වුණා. ඒත් තමන්ට වාඩි වෙන්න සකස් කරලා තිබුණු ආසනයේ වාඩි නොවුණු රජතුමා හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මාසනාරූඪ හාමුදුරුවන්ට පිරිකරත් පූජා කලා. පස්සේ තමන්ගේ අතේ තිබුණු ජය කොන්තයෙන් වාඩිවෙන්න සකස් කරලා තිබුණු පුටුවට ඇන්න ගමන් පුටුවත් කඩාගෙන වැටිලා බොරු වළ පේන්න වුණා. යකඩ උල් ගලවලා වළ පස් දාලා වහන්න කියලා නියම කරපු රජතුමා මාළිගාවට පිටත් වුණා
තමන්ට ලැබුණු ආරංචියේ සත්‍යතාව ඒ විදිහට දැනගත්තු රජතුමා මාළිගාවට පිටත් වෙලා සරණංකර සංඝරාජ හිමියන්වත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්වත් කුමන්ත්‍රණයට සම්බන්ධ රදළයන්වත් තමා හමුවට ගෙන්නුවා.
ඉස්සෙල්ලාම රජතුමා සංඝරාජ හාමුදුරුවන්ගෙන් ඇහුවා "මොකක්ද ඒ අමුතු පිංකම ?" (රජතුමා මරන්න කරපු කුමන්ත්‍රණය) කියලා. ඒත් සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම තමා ඉන්නේ.
රජතුමා නැවත නැවත නැවතත් ප්‍රශ්න කරන නිසා අන්තිමට සංඝරාජ හාමුදුරුවෝ පිළිගන්නවා තමන් ඒ අමුතු පිංකම ගැන කලින් දැනගෙන හිටියා කියලා.
කෝපයට පත්වෙන රජතුමා ඊළඟට අහනවා "එහෙම නම් ඇයි මට ඒ ගැන කලින් නොදැන්නුවේ ?" කියලා.
ඒ වෙලාවේ වහන්සේගේ අතේ ඇඟිල්ලක් පෙන්වලා සංඝරාජ හාමුදුරුවෝ කියනවා "දේවයන් වහන්ස, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි ඉන්න පණුවා මැරෙන නිසා. මම ඒතරම්ම පර පණ නසන්නට බිය ඇත්තෙමි. ඉදින් මම මේ සිද්ධිය ගැන ඔබට කිව්වා නම් ජීවිත කීයක් වැනසෙන්න තිබුණාද?" කියලා.
පස්සේ රජතුමා අහනවා "එහෙම නම් මම මැරුණොත් හොඳද?" කියලා
ඒකට සරණංකර හාමුදුරුවෝ කියන්නේ "නොකී නිසා එයට මට වැරැද්දක් නැහැ" කියලා
රජතුමා ආයි අහනවා එවිට "තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද?" කියලා.
සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම හිටිය නිසා හුඟක් කෝපයට පත්වෙන රජතුමා අන්තිමට කියනවා "වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියලා ලෝක ශාසන දෙකම නසාපි" කියලා.
මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා
මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා
අවසානයේදී සංඝරාජ හිමියන්ව දුම්බර ප්‍රදේශයේත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ව කුරුණෑගලත් හිර කරලා තියන්න රජතුමා නියෝග කරනවා. මේ සිද්ධියට මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම්ව හිස ගසා මරා දමන්නත් මේකට සම්බන්ධ වුණු මොලදණ්ඩේ නිළමේ ප්‍රමුඛ අනෙක් රදළයන්ව උල තබා මරා දමන්නත් රජතුමා නියෝග කරනවා.
සමනක්කොඩිගෙන් මරාදැමීමෙන් හිස්වුණු දෙවෙනි අදිකාරම් තනතුරට පිළිමතලව්වේ පත් කරන්නත් රජතුමා කටයුතු කරනවා.
ඒ වගේමයි තමන්ගේ ජීවිතය බේරාදුන්නු ගෝපාල මුදලිට මොලදණ්ඩේ නිළමේ සතුවුණු ඉඩකඩම් පවරා දෙන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ බව 1760 දී රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලිට ප්‍රදානය කරපු ගැටබේරිය සන්නසේ සඳහන් වෙනවා.
සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]
සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]
මේ ගෝපාල මුදලි ගැනත් යමක් කිව්වොත් ගැටබේරිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම් මනුස්සයෙක් වුණු මෙයා අග බිසවට තිබුණු උදරාබාධයකට සාර්ථකව ප්‍රතිකාර කරපු නිසා විරුද නාමයත් එක්ක බෙහෙත් ගෙයි මුහන්දිරම් ධූරයට රජතුමා විසින් පත් කරලා තිබුණා.
ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියම් භික්ෂූන්ටත් දඬුවම් කරන්න රජතුමා තීරණය කළත් මීගස්තැන්නේ නිළමේගේ ඉල්ලීම නිසා රජතුමා දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නැතිව ඒ භික්ෂූන්ව මහනුවරින් පිටුවහල් කරවනවා. සියම් රාජ කුමාරයාව සියම් රටට පිටුවහල් කරන්න ලන්දේසීන්ටත් භාර කරනවා.
නැවත වරක් සංඝරාජ හාමුදුරුවන්ට මහනුවරට කැඳවන්නේ සන්නාසියෙක් ඇවිත් කියපු ගාථාවේ තේරුම වටහා ගන්න රජතුමා ඇතුළු රාජ සභාවේ කාටවත් බැරිවුණු නිසා. සංඝරාජ හාමුදුරුවෝ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීමත් එක්ක සතුටට පත්වෙන රජතුමා තමන් අතින් සිදුවුණු වැරැද්දට සංඝරාජ හිමියන්ගෙන් සමාව ගත්තු බවත් කියවෙනවා.
ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට මූලිකම හේතුව වුණේ තමන් නළලේ අළු ගෑම නිසා බව දැනගෙන රජතුමා ඒ සිරිත අත් හැරියා වගේම ඒ වෙනකම් අළු ගාලා පුස්කොල පොත් මැදීම පවා නවත්තලා කහවලින් පුස්කොළ පත් ඉරු මදින්න පටන් ගන්න කියලා උපදෙස් දුන් බවත් කියවෙනවා.
මේ කතාවත් එක්ක කියන්න ඕනේ වැදගත් තවත් කතාවක් තමා රජතුමාව ඝාතනය කරන්න භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මේ මුල්ම පාරට නෙමේ කියන එක.
මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න කුමන්ත්‍රණය කරනවා.
ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා.
පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...
වැලිවිට සරණංකාර සංඝරාජ කෞතුකාගාරය ගැන දැනගන්න මෙතනින් යන්න
මේ සටහන ලියන්න විස්තර හොයාගත්තේ කොටගම වාචිස්සර හිමියන් විසින් රචනා කළ සරණඞකර සඞඝරාජ සමය කෘතිය සහ ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය.
සංඝරාජ පදවිය වෙනුවෙන් රජු විසින් සරණංකර හිමියන්ට පිරිනැමූ විජිනිපත